සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය නිමිති කරගෙන සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ආශිර්වාද කිරීමේ අරමුණින් රුහුණු කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේ දී පෙබරවාරි මස 7 සහ 8 යන දෙදින තුළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ හීල් දානමය පුන්‍යකර්මයක් පැවැත්විණි.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහි දී කිරිවෙහෙර චෛත්‍යය වටා කප්රුක් පූජාවක් ද සිදු කරන ලදී.

2020 ජනවාරි මස ආරම්භ වූ සමගි ජන බලවේගය එතැන් සිට රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ජන ජීවිතය නගා සිටුවීම උදෙසා සුවිශාල සමාජ, දේශපාලන සේවා රැසක් ඉටු කළ අතර ඒ සේවාව ඉදිරියට සිදු කිරීමේ අරමුණින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට මෙසේ දානමය පුන්‍යකර්මයක් සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදු කරන ලද බවයි විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...