මැතිවරණ කොමිසම ගැන හොයන්න මන්ත්‍රීවරුන් පිරිසක් තේරිම් කාරක සභාවක් ඉල්ලයි.

Date:

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබඳව සොයා බැලීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් බාරදී ඇත.

එහි යම් යම් කටයුතු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩව ඇති බවත් එම කරුණ පාදක කර ගනිමින් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසත් ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා වෙත මෙම ලිපිය යොමු කර තිබේ.

2020 දෙසැම්බර් 3 වන දින සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1048 (3) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට ඔවුන්ගේ තිබෙන වගකීම පිළිබඳව පෙන්වාදෙමින් මෙම ලිපිය යොමු කර ඇති බව සඳහන්.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට මැතිවරණ කොමිසම අපොහොසත් වී ඇති බවත්, එවැනි මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පූර්ව කොන්දේසි පිළිබඳව ද සෑහීමකට පත්වීමට නොහැකි බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

මැතිවරණ කොමිසමේ ක්‍රියාපිළිවෙත නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් මන්ත්‍රිවරුන් එම ලිපියෙන් ඉල්ලා ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...