උතුරු නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරු සහ විපක්ෂ නායක අතර විශේෂ සාකච්ජාවක්!

කොළඹ LNW:උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (05) පාර්ලිමේන්තුවේදී පැවැත්විය.

මෙහිදී වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ උතුරු නැගෙනහිර සහ වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳ ව මෙම ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් තොරතුරු ලබා ගෙන ඇති අතර විශේෂයෙන් ඉන්ධන මිල සහ බඩු මිල ඉහළ යාම නිසා ජනතාවට සිදුව ඇති බලපෑමත් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ජනතාවගේ ආදායම් මට්ටම, ජීවන වියදම ඉහළ යාම සහ උතුරු නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාවගේ පවුල්වල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් ද මෙහි දී විශේෂ අවධානය යොමු වී තිබේ.

උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාවට පවතින මූලික යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන්ම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් අවධානය යොමු කර ඇත. ගුණාත්මක සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, පාසල් අධ්‍යාපනයේ පවතින ගැටලු සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහි දී දිර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාවට තහීර් මරික්කාර්, තුරෙයිරාසා රවිකරන්, ජී. ජී. පොන්නම්බලම්, ජී ශ්‍රීනේෂන්, එම්. එස්. යු. ලෙබ්බේ, කේ. කාදර් මස්තාන්, වෛද්‍ය පී සත්‍යලිංගම් සහ හබීබ් රිෆාන් යන විපක්ෂය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

නල්ලූරුව හෝටලයක නීතිවිරෝධී පරිගණක ජාල වැටලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: පානදුර දකුණ පොලිස් වසමේ...

Real Madrid කණ්ඩායමේ 3-0 ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා (La Liga)...