පාස්පෝට් කන්තෝරුවට අතිරේක පොලිස් ආරක්ෂාවක්

බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයට අතිරේක පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මෙසේ අතිරේකව අනුයුක්ත කර ඇති බව සඳහන්.

එම ස්ථානයෙහි විවිධ අක්‍රමිකතා සිදුවන බවට ලැබුණු පැමිණිලි අනුව ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් සිදුකළ ඉල්ලීමක් මත එම අතිරේක පොලිස් කණ්ඩායම අනුයුක්ත කර ඇති බවත් වාර්තා විය.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන සඳුදා සිට ආරම්භ වීමට නියමිත බැවින් එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත් ලබාගැනීමට පැමිණෙන්නන්ගේ විශාල තදබදයක් එම කාර්යාල පරිශ්‍රයෙහි මේ දිනවල පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...