*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

රජය සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරනවා: විදේශ කටයුතු ඇමති

ශ්‍රී ලංකා රජය සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන බවට විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

ඉකුත් දින එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචනයේදී (UPR) එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ ඇතුළු රාජ්‍ය කිහිපයක් විසින්ම සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි අතර, ඊට ප්‍රතිචාර වශයෙනුයි විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ.

ඒ අනුව, දණ්ඩ නීති සංග්‍රහය ඔස්සේ සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කිරීම අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවත්, කෙසේවෙතත් ඒ තුළින් සමරිසි විවාහවලට නීත්‍යානුකූලභාවයක් හිමි නොවන බව ද අලි සබ්‍රි අමාත්‍යවරයා ඊයේ දින (09) පැහැදිලි කර සිටියේය.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඔස්සේ විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ගොඩනැඟී ඇති සමාජ කතිකාවත පළමු වරට සංවාදයට බඳුන් වූයේ 1994 වර්ෂයේ වන අතර, එදා පටන් මේ වන තුරු ඔවුනට සාධාරණයක් ඉෂ්ට වී නැත. එකී වගන්ති තුළින් පුද්ගලයන් අතර ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදුවන “සොබාදහමට එරෙහි” හෝ “තදබල අශෝබන” ලිංගික ක්‍රියා දඬුවම් ලැබිය හැකි වරදක් බවට නිගමනය කරන මුත්, එකී කිසිඳු වගන්තියක් ඔස්සේ සමලිංගිකත්වය, හෝ විවිධ ලිංගික අනන්‍යතාවලට එරෙහි ප්‍රකාශයක් අඩංගු වන්නේ නැත. තව ද, දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන “සොබාදහමට එරෙහි” හෝ “තදබල අශෝබන” ලිංගික ක්‍රියා මොනවාද යන්න පිළිබඳ නිර්වචනයක් ඇත්තේ ද නැත.

කෙසේවෙතත්, නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය විසින් මෙම වගන්ති අවභාවිතා කරමින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුනට පීඩා සිදුකිරීමට කටයුතු කරන අතර, මෙම චෝදනා මත අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට මානසික රෝගයක් පවතින බවට හැඟවීමට බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂාවලට යොමුකළ අවස්ථා පවා ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 (1), 12 (2) වගන්ති තුළින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් ගේ මානව හිමිකම් සුරක්ෂිත වී ඇති බවත්, පවතින නීතිය යොදාගනිමින් ඔවුනට වෙනස්කොට සැලකීම් සිදුකළ නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2014, 2017 සහ 2019 වර්ෂවල ප්‍රකාශ කර ඇති අතර, 2022 වර්ෂයේදී විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකරන නීතියක් ශ්‍රී ලංකාවේ නැති බවත්, එසේ පවතින්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ කමිටුව (CEDAW) හමුවේ ප්‍රකාශ කරන ලදී.

විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට බලහත්කාරයෙන් සිදුකරනු ලබන පරිවර්තන චිකිත්සා (Conversion Therapy) තහනම් කිරීමට නීතියක් සම්මත කරන මෙන් ඉල්ලා 2022 වර්ෂයේ දී සමඟි ජන බලවේගයේ පාරලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත වූ අතර, ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (SLCP) විසින් සමලිංගිකත්වය ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා පැවතීම සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණයක් බවත් එය මානසික රෝගී තත්ත්වයක් නොවන බවත් 2021 වර්ෂයේ ප්‍රකාශ කර තිබිණ.

ඉකුත් වර්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත විසින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකරන දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති සංශෝධනය කරන මෙන් ඉල්ලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එ පිළිබඳව අධිකරණ අමාත්‍යංශයේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිචාරය ඉදිරිපත් කර තිබුණේ නැත.

එවන් පසුබිමක් තුළ, විදේශ කටයුතු අමාත්‍යවරයා සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට රජය කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි. මේ සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රතිචාරය අවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කළේය. ඒ අනුව, 365 සහ 365අ වගන්ති අහෝසි කිරීම සිදුකළ හැක්කක් බව අලි සබ්‍රි අමාත්‍යවරයා විසින් පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචන සැසිවාරයේ සිව්වන චක්‍රයේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ යන රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවේ සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් මෙරට රජයෙන් ඉල්ලා සිටි අතර, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්ණභාවී (LGBTIQ) ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් වලට ගරු කරන මෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

සංස්කාරක (LGBTIQ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan