2023 වෙළඳ ගිණුම

Date:

පසුගිය (2023) වසරේ වෙළඳ ගිණුම හා අදාළ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ දැකිය හැකි වූ තත්ත්වයට සාපේක්ෂව වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 11,911 දක්වා පහත වැටී ඇති නමුත් ආනයන වියදම් වල ඊට වඩා වැඩි පහත වැටීමක් දැකිය හැකි නිසා පසු ගිය වසර අවසන් වන්නේ වසර දොළහක කාලයක් තුළ, එනම් 2010 වසරෙන් පසුව, දැකිය හැකි වූ කුඩාම වෙළඳ ශේෂ හිඟය වාර්තා කරමිනුයි.

ආනයන සීමා කිරීම් මධ්‍යයේ සිදු වූ දෙයක් වුවත්, පසුගිය වසරේ වෙළඳ ශේෂ හිඟය ඩොලර් මිලියන 4,900කට සීමා වී තිබෙනවා. වසරේ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ලෙස මීට වඩා වැඩි, එනම් ඩොලර් මිලියන 5,970ක, මුදලක් ලැබී තිබීම විශේෂත්වයක්. මීට අමතරව සේවා ගිණුමේද සැලකිය යුතු අතිරික්තයක් වාර්තා වී තිබිය යුතුයි. පසුගිය වසර තුළ රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,484කින් ඉහළ ගියා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...