ඉම්රාන් ඛාන්ට ජය

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 10,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය බ්‍රහස්පතින්දා(08) පැවති මැතිවරණයේ දී පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය විශාල ආසන ප්‍රමානයක් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

මේ වන විට ජාතික සභාවේ ආසන 265 සඳහා ඡන්දවලින් හතරෙන් තුනකට වඩා ගණන් කර ඇති අතර,ඉන් ආසන 90 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයත්, ආසන 69ක් නවාෂ් ශරිෆ්ගේ පක්ෂයත්, ආසන 52 ක් අගමැති බෙනාසීර් භූතෝගේ පුත් බිලාවල් භූතෝගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන මහජන පක්ෂයත් දිනා ඇති බව වාර්තා වේ.

මේ වන විට සිරගතව සිටින හිටපු අග්‍රාමාත්‍යවරයා කෘතීම බුද්ධිය හරහා කරන ලද වීඩියෝපටයක සඳහන් කර තිබුණේ, පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය “විශිෂ්ට ජයග්‍රහණයක්” ලබා ගත් බවයි.

කෙසේ නමුත් මෙවර මැතිවරණය සඳහා තරඟ කළ පකිස්ථානයේ දිගු කලක් තිස්සේ අගමැතිවරයාව සිටි නවාස් ෂරිෆ්ගේ PML-N විශාලතම නිල දේශපාලන කණ්ඩායම බවට පත්ව ඇති අතර ශරිෆ් මහතා සියලු දෙනවටම ආරාධනා කර තිබුණේ, තම පක්ෂය සමඟ සන්ධානගතවන ලෙසයි.

කෙසේ නමුත් නිල වශයෙන් එරට මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබුණේ, සමස්ත බහුතරයක් දිනා ගැනීමට කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් නොපෙනෙන බවත්, අවසන් ප්‍රතිඵල තවම ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...