නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය තාවකාලික වසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): ඊයේ (09) සිට අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රාත්‍රී 09 සිට අලුයම 05 දක්වා නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය වසා තැබෙන බව අධිවේගී මාර්ග සංචාරක පොලිසිය පවසයි.

ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම ඉඟුරුකඩේ හංදිය දෙසට යන පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කර ඇත.

අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවන බවද පවසයි.

එමෙන්ම ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම ඉඟුරුකඩේ හංදිය දෙසට යන පාලමේ මැද කොටසින් වසා තබා ඇති බවද සඳහන් වේ.

අධිවේගී මාර්ග සංචාරක පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...