මෙරට සංවර්ධන කටයුතු වලට ජපානයේ සහය!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට ඉදිරියේදී වඩාත් සක්‍රිය අයුරින් දායක වන බව ජපාන මන්ත්‍රිවරුන්ගේ සංසදය අවධාරණය කර ඇත.

ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රීලංකාවේ සංවර්ධන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සැසි වාරයක් පවත්වා ඇත.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංගමයේ සභාපති ෂින්පෙයි මට්සුෂිටා මහතා කියා සිටියේ කඩා වැටී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය පිළිබඳ බෙහෙවින් සතුටු වන බවයි.

ඇනහිට ඇති මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරියේදී ආරම්භ කිරිමට සියල්ල සූදානම් බව ඒ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ රෝහල්වලට ලබා දෙන පහසුකම් ඉදිරියෙදි තවදුරටත් වැඩි කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතා ද මෙම අවස්ථාවට එක්ව ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...