සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත මේ වනවිට සකස් කෙරෙමින් පවතින අතර එය ඉදිරි මාස කිහිපය තුළ සම්මත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“සමගිය, සංහිඳියාව, ආගමික සංහිඳියාව පමණක් නෙවෙයි පෞද්ගලික නිදහස, පුද්ගලිකත්වය සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය ඔස්සේ කරන බලපෑම නිසා නීති ප්‍රතිපාදන අවශ්‍යයි කියන එක හැම පැත්තෙන්ම මතුවෙමින් තියෙනවා. එයින් එක පැත්තක් තමයි අපේ ආගමික නායකයින්ගෙන් මතුවුණේ, ඊට අමතරව සාමාන්‍ය පුරවැසියන්ගෙන් පවා මේ ඉල්ලීම මතුවෙමින් පවතිනවා. ඒක නිසා තමයි ඔන්ලයින් සේෆ්ටි බිල් එක වුණත් කෙටුම්පත් කරමින් පවතින්නේ. මං හිතනවා ඒක අවසාන අදියරේ පවතින්නෙ කියලා. මේ වගේ නීති පද්ධතියක් අවශ්‍යයි. පුද්ගලයකුගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න සහ සමාජයක් හැටියට සාමය සංහිඳියාව වෙනුවෙන්. දැන් සමහර සමාජ මාධ්‍ය ප්‍රකාශනවලට සහ ඒ භාවිතාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි සමහර නීති අප්ඩේට් වෙලා නැති නිසා. මේක මං හිතනවා මාස කිහිපයක් යනකොට අවසන් කරන්න ලැබෙයි කියලා”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...