බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW :

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති ප්‍රසන්න සංජීව මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම මගින් රජයට රුපියල් මිලියන හතරකට අධික පාඩුවක් සිදු කිරීමයි.

මෙම ක්‍රියාව හරහා බාහිර පාර්ශවයන්ට අනිසි වාසි ලබා දෙමින් දූෂණ වංචාවක් සිදු කර ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පළ කරයි.

ඒ අනුව, මගී ප්‍රවාහන ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පොදු දේපළ අවභාවිතය සහ රාජ්‍ය පටිපාටි නොසලකා හැරීම මෙම නීතිමය ක්‍රියාමාර්ගයට මූලික හේතුව වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...