මෙරට ගුවන් තොටුපොළ පරිපාලනයටත් අදානි සමූහයේ බැල්ම!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පවත්වා තිබෙන බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් එම සාකච්ඡා පවත්වා ඇති බවයි ද හින්දු ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කර තිබෙන්නේ.

එම ගුවන් තොටුපොළවල පහසුකම් පුළුල් කිරීමට සහ මගී ධාරිතාව වැඩි කිරීම සඳහා පෞද්ගලික හවුල්කරුවෙකුගේ සහාය අපේක්ෂා කරන අතර ඒ සඳහා අදානි සමූහය මෙරට බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බව එම මාධ්‍ය වාර්තා කර සිටියි.

අදානි සමූහය විසින් ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ගුවන් තොටුපොළ 07ක පරිපාලන කටයුතු මෙහෙයවීම සිදුකරමින් පසුවන අතර ඔවුන් මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ද එක්වීමට අපේක්ෂාවෙන්ද පසුවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...