සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 10 කොළඹ (LNW): මේ මස තුළ විදුලි බිල අඩු කිරීම සදහා වන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට යොමුකර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටී. ආසියාවේ වැඩිම විදුලිබිලක් අයකරන රට ශ්‍රී ලංකාව බවට පළවු වාර්තා සම්බන්ධව ද අමාත්‍යවරයා අදහස් පළ කළේය.
ඉන්දියාවේ නාගපට්නම් ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය දක්වා නළ මාර්ගයෙන් ඉන්ධන ලබා දීමට ඉන්දියාව සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කළ බව ද අද පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.