වැරැද්ද කාගෙද හොයලා වැඩක් නෑ. IMF කොන්දේසි ගැන සාකච්ඡා කරලා එකඟතාවකට එමු – රනිල් (VIDEO)

0
468

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ කවුරුන්දැයි සොයමින් තර්ක කිරීමෙන් මේ මොහොතේ ප්‍රතිඵලයක් නොමැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර සියලු පක්ෂ යම්කිසි එකඟතාවකට පැමිණිය යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

“IMF සංවිධානයේ ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය යටතේ ලංකාව එක්ක සාකච්ඡා කරලා මං හිතන්නෙ ඒ වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පෙබරවාරි තුන් වැනි සතියේ පිට කරනවා. ඒ නිසා මම සභානායකතුමාගෙන් අහනවා මාර්තු මාසයේ අපට දිනයක් දෙනවාද මේ ගැන සාකච්ඡා කරන්න ?

මෙතැනදී අපි වාර්තාව ගැන කතා කරමු. කවුද වගකියන්නෙ කියලා හොයලා වැඩක් නෑ, මේ ආණ්ඩුවද, ගිය ආණ්ඩුවද, ඊට ඉස්සෙල්ලා ආණ්ඩුද, මහසෙන් රජ්ජුරුවොද කියලා. දැන් තියෙන එක අරගෙන අපේ අදහස් දීලා එතනින් බලමු අපි යම්කිසි එකඟත්වයකට සමහර ඒවාට එන්න පුළුවන්ද කියලා. මේකට විසඳුමක් කොහෙන්හරි දෙන්න ඕනෙ. අපි එකඟවෙන කරුණු ටික ජනාධිපතිතුමාටයි මුදල් ඇමතිතුමාටයි දෙමු”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (09) දිනයේදී පාර්ලිමේන්තුව අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here