Wednesday, March 22, 2023
spot_img

Latest Posts

සෞඛ්‍ය වැඩවර්ජනයට එරෙහිව අධිකරණ නියෝගයක්

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ( GNOA ) ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 18ක් විසින් ආරම්භ කර, දින හතරක් තිස්සේ පවත්වාගෙන යන වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් ඊයේ (10) නිකුත් කර තිබේ.

ඒ, නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ය.

හෙද නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මහජනතාව පත්ව ඇති අපහසුතා පිළිබඳව අධිකරණයට කරුණු දක්වා තිබුණු නීතිපතිවරයා ඉල්ලා තිබුණේ වර්ජනයේ නියුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝග නිකුත් කරන ලෙසය.

ඒ අනුව මෙම වැඩවර්ජනය ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝග දෙකක් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කරන ලදී.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.