අපි මේ මොහොතේ පාලකයා කෙරෙහි විශ්වාසය තබනවා – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

0
292

මේ මොහොතේ ක්‍රියාත්මක වැඩවර්ජනයට සහය නොදෙන බවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට චෝදනා කළ නොහැකි අතර ඊට හේතුව වන්නේ පැවති දැවෙන ප්‍රශ්න 07කට ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කර ඒවාට විසඳුම් ලබාගැනීමට මැදිහත් වූ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

ඒ, අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

යම්තැනක සාධාරණ සේවා අයිතිවාසිකම් පිළිබඳව අරගලයක් සිදුවන්නේ නම් ඊට සහය නොදී සිටීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කටයුතු කර නැති බවයි උන්වහන්සේ පැවසුවේ.

වසංගත කාල පරිච්ජේදයක්, ආර්ථික අහේනියක් පවතින මොහොතක හැකි තරම්දුරට ජන ජීවිතය ගැන කල්පනා කර සාකච්ජා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම එකම බලාපොරොත්තුව වන අතර පාලකයා සම්බන්ධයෙන් විශ්වාසය තබාගෙන ඉදිරි පියවර ගන්නා බවයි උන්වහන්සේ කියා සිටියේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here