හදවත පරිස්සම් කරගන්න!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW): කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවේ හෘද රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවස‍යි.

ගාල්ල ප්‍රදේශයේ පැවති වෛද්‍ය සායනයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

හෘදයාබාධවලට මුල්වන එක් සාධකයක් වන්නේ දියවැඩියාවයි. ආහාර රටාව විකෘති වීම හේතුවෙන් ලා බාල අවධියේ ම දරුවන්ට දියවැඩියාව වැළදෙන අතර එය ආසියානු කලාපයේම වසංගතයක් වී ඇති බවත්, එබැවින් මුල් අවධියේ සිට දරුවන්ට පෝෂ්‍යදායී ආහාර ලබා දීමට දෙමාපියන් කටයුතු කළ යුතු බවත් වෛද්‍යවරු පෙන්වා දෙයි.

ඒ පිළිබඳ ඇති දත්ත තැති ගන්වන සුළු අතර, 2035 වනවිට රටෙන් තුනෙන් එකකට දියවැඩියාව වැළදිය හැකි බව ද විද්වත්හු පෙන්වා දේ.

ශ්‍රී ලංකාවේ ළමා පරපුරේ තරබාරු බව වැඩිවී තිබෙන බවත්, ක්‍ෂණික ආහාර ගැනීමට පුරුදු වීම හේතුවෙන් සහ ව්‍යායාම නොකිරීම හේතුවෙන් දැන් ළමා වයසේ පසුවන අය ඉදිරි වසර කීපය තුළ රෝගීන් බවට පත්වීම වැළකිය නොහැකි බවත්, වයස අවුරුදු 75 ට අඩු පුද්ගලයන්ට වැළඳෙන හෘදයාබාධ හෝ ආඝාතය වැනි අවස්ථාවලින් 80% ක් හදවත් සෞඛ්‍ය නංවා ගැනීම මගින් වලක්වාලිය හැකි බව බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) මෑතකදී ඇස්තමේන්තු කර තිබේ.

ශාරීරික ව්‍යායාම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සමීක්‍ෂණයට අනුව, පිරිමි පුද්ගලයන් නිර්දේශිත ව්‍යායාම ප්‍රමාණයෙන් 34% ක යෙදෙන බවත් කාන්තාවන්ගේ එය 45% ක් බවත් ඇස්තමේන්තු කර ඇත

හෘදයාබාධ වලක්වා ගැනීමට නම්;

  • මේද සහිත ආහාර අඩු කිරීම
  • අධික සීනි සහිත ආහාර ගැනීමෙන් වැළකීම
  • ව්‍යායාම කෘත්‍රීමව කිරීම
  • දෙමාපියන්ට හෘද රෝග තිබුණේ නම් තමන්ගේ සෞඛ්‍යය පිළිබඳ නිරන්තර පරීක්ෂාවෙන් පසුවීම
  • දුම්පානයෙන් වැළකීම
  • පෝෂ්‍යදායී ආහාර ගැනීම

යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...