ඊශ්‍රායල අගමැතිගෙන් දරුණු අනතුරු ඇඟවීමක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා ඇත්තේ, පලස්තීන හමාස් සටන්කාමීන් සෙනසුරාදා දහවල වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් ආපසු භාර නොදෙන්නේ නම් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර දැඩි සටන් නැවත ආරම්භ කරන බවටයි.

ඊශ්‍රායලය මේ බව සඳහන් කර ඇත්තේ, තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙනුයි .

නමුත් නෙතන්යාහු ඉල්ලා සිටින්නේ ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් 76 දෙනා ද නැතහොත් සෙනසුරාදා නිදහස් කිරීමට නියමිත තුන් දෙනා පමණක්ද යන්න මෙතෙක් සඳහන් කර නොමැත.

එහෙත් හමාස් සංවිධානය පවසන්නේ සටන් විරාම ගිවිසුමට තමන් තවමත් කැපවී සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...