සැකකරුවකුගේ මරණය : වාද්දූව පොලීසියේ හතර දෙනෙක් අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

වාද්දූව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් අනතුරුව මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාද්දූව පොලීසියේ කොස්තාපල්වරුන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවකුට පහරදීම යන චෝදනාව යටතේ මෙම කොස්තාපල්වරුන් සිව්දෙනා අද (12) සවස පානදුර පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන්ව වැඩ තහනමකට ද ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පෙබරවාරි 10 වනදා රාත්‍රියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි වාද්දූව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තරුණයෙකුව අත් අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔහුව පොලිස් ඇප මත මුදාහැර ඇත. එහිදී නිවසට ගිය ඔහු බරපතළ ලෙස අසනීප වී ලේ වමනය කිරීම නිසා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියෙකි.

ඔහු පොලිස් අත් අඩංගුවේ සිටියදී පොලිස් නිලධාරීන් ඔහුට දරුණු ලෙස පහරදී ඇති බවට ඔහුගේ ඥාතීන් පානදුර දකුණ පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකෙරේ.

මියගිය තැනැත්තා රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවාගෙන පොලිස් ඇප මත මුදාහැරි බව පොලීසිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...