වැල්ලම්පිටියේ කසිප්පු පෙරමින් සිටි චීන ජාතික ඉංජිනේරුවෙක් අත්අඩංගුවට !

0
410

සටහන – රුවන් නෙළුගොල්ල

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි චීන ජාතිකයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳී සිටි චීන ජාතිකයෙකි. ඔහු නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඉංජිනේරුවෙක් වශයෙන් සේවය කළ අයෙකු බව සඳහන්.

වැල්ලම්පිටිය පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටළීම සිදුකර ඇති අතර එහිදී එම චීන ජාතිකයා සතුව තිබී ගෝඩා මිලිමීටර් 318,000ක් සහ නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 67,500ක් මෙන්ම නීතිවිරෝධී මත්පැන් පෙරීම සඳහා යොදාගන්නා උපකරණ තොගයක් ද සොයාගෙන ඇත.

වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.