කර්මාන්ත වෙනුවෙන් නව බදු ප්‍රතිපත්තියක්!

Date:

කොළඹ LNW:කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදන සඳහා බදු සහන ලබාදීම වෙනුවෙන් නව බදු ප්‍රතිපත්තියක් ගෙන ඒමට නව රජය බලාපොරොත්තු වෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේය.

එහිදී නිෂ්පාදන යෙදවුම්වල බදු අඩුකිරීමක් හෝ බදු ඉවත් කිරීමක් අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම වසරේ බදු අඩුකිරීමක් බලාපොරොත්තු විය නොහැකි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව 15.1 % ක දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කරගැනීම සිදුවෙන බවත් අදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාව වැඩිවෙන විට එම සහන නැවත කර්මාන්තවල නිෂ්පාදනවලට දීමේ හැකියාව පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර විශේෂයෙන් බැංකු ක්ෂේත්‍රයේ සහ කර්මනතවල තාක්ෂණික ආයෝජනාවලට බදු සහන දීමට බලාපොරොත්තු වෙන බවද අබේසිංහ මහතා සඳහන් කරන ලදී.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ හෝමාගම කලාපයේ කර්මාන්තකරුවන් 38 දෙනෙකුගේ ගැටලු සොයා බැලීමට පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්තකරුවන්ගේ සංගමයේ දී පැවැත්වූ සකාච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...