*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ගජමෑන් ලීක් වුණා ද, ලීක් කළා ද…???

ඕනෑම අයෙකුගේ හද බැදගත් විනෝදාශ්වාදයක් ගෙන ආ පුවත් පත් කාටූන් චරිතයක් වූ ගජමෑන් චරිතය පුවත්පතකට සීමා නොවී ඒ ඇසුරෙන් නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ පසුගියදා තිරගත විය.

චානක පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙම සුවිශේෂී නිර්මාණයේ ප්‍රධානතම හඬකැවීම් ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද ප්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය. ගජමෑන් චිත්‍රපටයේ තිර රචනය සිදුවන්නේද ඔවුන් දෙදෙනා අතිනි.

අතිශය ජනප්‍රිය නළු නිළියන්ගේ සහ ගායකයන්ටත්, ක්‍රීඩකයන්ටත් ඔවුන්ගේ හඬින් ගජමෑන් පණපොවන්නට ලැබීම විශේෂත්වයක්. මෙහි හඬකැවූ ඇතැමුන් ජීවතුන් අතර නොසිටියත් ඔවුන් මේ හරහා ජීවමාන බවක් දනවයි.

3D සිනමා නිර්මාණයන් සඳහා ලොව භාවිතයට ගනු ලබන ඉහළම තාක්ෂණය වන Motion Capture නැත්නම් ”චලන ග්‍රහණය” යොදා ගජමෑන් චිත්‍රපටය නිර්මාණය කිරීමට වසර 10කට ආසන්න කාලයක් ගතවුවද එහි ඇති රසාස්වාදය ඉතා ඉහළයි.

මේ අතරේ මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ඉතා ශීඝ්‍රයෙන් හුවමාරු වන ගජමෑන්ගේ අලුත්ම කට කතාව පිළිබඳ අපිත් සොයා බලන්නට සිතුවා. ඒ තමයි ගජමෑන් චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත වී අවසන් නොවී තිබියදී එහි සම්පූර්ණ වීඩියෝවෙහි කොපිය සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමයි. ඇත්තටම මෙය එතරම් සුභදායී දෙයක් නොවේ. ඒ නිසාම එහි හඬ කැවීම් සහ තිර රචකයන් චූටි මල්ලී සහ පොඩි මල්ලී ඒ පිළිබඳ දක්වන අදහස් විමසා බැලීමක් සිදු කලා.

ඇතටම ගජමෑන් ලීක් වුණාද ???
ලීක් කළාද…..???

“ඔව් කවුරුහරි ගජමෑන් ෆුල් මූවි කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. නමුත් මේකෙ තියෙනවා version ගොඩක්. ඒ කියන්නේ මේක අපි ලියන්න පටන් ගත්තේ 2010 දී. නමුත් එක එක අවුරුදු වලට යද්දි එක එක version ආවා. ඉතින් ඒක විටින් විට වෙනස් වුණා.. ඒ කියන්නේ, ටිකක් පරණ උන නිසා අපි සමහර කොටස් ඉවත් කළා. සමහර කොටස් එකතු කලා. දෙබස් වෙනස් කලා. අන්තිම කොටස් අන්තිම සති දෙකකට මෙහා යද්දී හඬකැවීම් නතර කරා.

නමුත් මේ ඇවිල්ල තියෙන්නෙ අර මැද හරියේ නතර කරපු අයින් කරපු කොටසක් එක්ක තියෙන එකක්. ඉතින් අපිට කියන්න තියෙන්නේ කවුරුහරි කෙනෙක් මේක එළියට දාලා වීරකමක් කරා වගේ ඉතින් ඇති.නමුත් ඉතිං ඔහුටත් මේකෙ ප්‍රයෝජනයක් නෑ. මොකද ඕක ෆේස්බුක් එකේ දැම්මා කියලවත්, වට්ස් ඇප් එකේ link එකක් share කලා කියලවත් ඔහුට ඇතිවෙන්න ප්‍රයෝජනයක් නෑ. අනිත් අයගේ දේ කඩාකප්පල් කරන්න තියෙන කාලකන්නි සන්තෝෂය තියෙන්නේ. ඉතින් ඕක බලන්නෙත් ඒ රුපියල් පන්සියයක් වත් දීලා ෆිල්ම් එකක් බලන්න බැරි හිඟන්නෝ.

අනිත් එක තමයි කියන්න තියෙන්නේ සිනමා ශාලාවකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලන තෘප්තිය වෙන කිසිම විදිහකින් ලබන්න බැහැ. මොකද මේක 3D ඇනිමේෂන් චිත්‍රපටියක් 3D වලින්ම මේක බලන්න ඕනේ. අපි ඉතිං අනුකම්පා කරනවා ඒගොල්ලන්ට. සමාජ මාධ්‍ය වලින් ඉන්න අය මේක ගොඩක් ශෙයා කරලා තිබ්බා. ගොඩක් අය මේකට විරුද්ධවත් කතා කරලා තිබ්බා.

ඒ වගේම තව කියන්න දෙයක් තියෙනවා මේකට පැමිණිලි ලබාදීලා තියෙන්නෙ අපරාධ විමර්ශනයකට. එහිදී 12දෙනෙකු පමණ ප්‍රශ්න කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් වලට අරගෙන තියෙනවා. අවවාදයක් දෙන්නත් කැමතියි, මේක මොලේ තියෙන වැඩිහිටියෝ නෙමේ කරන්නේ කුඩා දරුවෝ. ඔයාලටත් දඬුවම් විඳින්න සිදුවෙයි ඉදිරියේදී, දඩ ගෙවන්නත් සිදුවේ. ඔබේ facebook page එක, චැනල් එක ඒවා ඔබට අහිමි වීමටත් ඉඩ ඇති බව මට මේ වෙලාවේ කියන්න කැමතියි.

අපි මේක ප්‍රචාරය කරේ නෑ පලවෙනි වතාවට තමයි මේ කියන්නේ. තව දෙයක් කියන්න ඕන ගජමෑන් ෆිල්ම් එක ඔබගේ ෆේස්බුක් එකට හෝ Whatsapp මාධ්‍ය ඔස්සේ පැමිණ ඇත්නම් මේ වෙලාවේ එය Open කරන්න යන්න එපා මොකද ඕකේ ලොකු virus එකක් තියෙන්න පුළුවන්. ඔබේ computer එක, මෘදුකාංග ඔබට අහිමිවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ගජමැන් full movie කියලා එන ලින්ක් එක ඕපන් කරන්න එපා කියලා ඉල්ලීමක් කරන්න කැමතියි”

ලෙස ඔවුහු පැවසූහ.

කඩාකප්පල්කාරී සිතුවිලි උඩුසුළඟේ පා කර තවත් මෙවැනි නව නිර්මාණ බිහිකළ හැකි නව සිතුවිලි පහළ වේවා…!!!

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan