අත්හිටවූ නිවාස ණය හා ආධාර ලබා දීම යළි ඇරඹේ

Date:

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නිවාස ණය හා ආධාර ලබා දීම යළි ඇරැඹූ බවයි.

නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ දිවයින පුරා ණය හා ආධාර ඉදිරි වාරික ප්‍රතිලාභීන් වෙත ලබා දීම සඳහා නිවාස සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර, පෙබරවාරි 15 සිට 22 වැනිදා දක්වා වන සතියක කාලයේ මෙම ණය හා ආධාර වැඩසටහන් වල ඉදිරි වාරික ප්‍රතිලාභීන් වෙත ලබා දී අවසන් කිරීමට වහා පියවර ගන්නා ලෙසයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ 2021 සහ 2022 වසරවල ආරම්භ කළ ව්‍යාපෘති අවසන් කරන තුරු නව ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...