ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවේ තීන්දුව මාර්තු 10

Date:

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන මාර්තු 10 වනදාට ප්‍රකාශයට පත්කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය.

ඒ, එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

නඩුවේ පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව මෙසේ තීන්දුව ලබාදීම සඳහා නඩුව කල් තැබීමට නියම කෙරිණි.

ශෂී වීරවංශ මහත්මියගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයෙහි ඇයගේ උපන්දිනය 1967 වසරේ බවට සඳහන්ව තිබුණු නමුත් ඇය සිය උපන්දිනය 1971 වසරේ බව සඳහන් කරමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර ඇත.

SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...