සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීති මඟට බහින්න වෘත්තීය සමිති සැරසෙයි!

Date:

මාස තුනක් තිස්සේ දැනුවත් කර තිබියදී අඛණ්ඩ වැඩ වර්ජනයක් වළක්වා නොගැනීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය අවධාරණය කරයි.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසන්නේ අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබියදී පසුගිය මස තුනක කාලය තුළ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු නොකළ බවයි.

”විශේෂයෙන්ම මේ වර්ජනය කරනවා කියල මාස තුනක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මුල ඉඳලම මේ සම්බන්ධයෙන් කටයුතු කළේ මාර්ගයෙන් විසඳන්න නෙවෙයි. අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇතිවෙනකම් මාස තුනක් තිස්සේ අපි කියපු කිසිම කාරණයකට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. එම නීත්‍යානුකූල ගැටලුවට සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු කණ්ඩායම 100%ක් වගකියන්නට ඕනේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අඛණ්ඩ වර්ජනයක් වළක්වා ගැනීමට ඉතා හොඳ ඉඩකඩක් තිබියදී මාස තුනක් තිස්සේ ඒ වගකීම පැහැර හැරලා රටේ අඛණ්ඩ සෞඛ්‍ය වර්ජනයක් ඇති කරලා මහජනතාව අපහසුතාවයට පත්කිරීමට විරුද්ධව සෞඛ්‍ය ලේකම්වරයාට එරහිව නීත්‍යානුකූලව කටයුතු කරන්න” යනුවෙන් කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...