සාකච්ජාව සාර්ථකයි.විදුලි කප්පාදුවකට යන්න වෙයිද? නැද්ද? – තීන්දුව ප්‍රකාශ කිරීම අඟහරුවාදාට

Date:

පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලංකා විදුලි සමාගමේ සාමාන්‍යාධිකාරීවරු ඇතුළු නිලධාරීන් සමඟ මහජන උපයෝගිතා කොමිසම සාකච්ජාවක් පවත්වා තිබේ.

එම සාකච්ජාව සාර්ථක බවයි ඉන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

පවතින විදුලි අර්බුදය ඉදිරියේදී අවම කර මහජනතාවට අඩුම හිරිහැරයක් වන ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ජා කෙරුණු බවයි රත්නායක මහතා කියාසිටියේ.

ඒ අනුව ඒ ගැන තීරණය එළඹෙන අඟහරුවාදා මාධ්‍යයට නිකුත්කරන බව ඔහු අවධාරණය කළේය.

දීර්ඝ කාලීන විදුලි කප්පාදුවකට යනවා නම් එය සිදුකරන ක්‍රමය,මහජනතාවගෙන් බලාපොරොත්තු වෙන විදුලි සංරක්ෂණය ඇතුළු කාරණා ගැන සකච්ජා කර විසඳා ගත් බවද සභාපතිවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නයිජීරියාවේදී පැහැර ගත් සිසුන් 300න් 50ක් පැන ගිහින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නයිජීරියාවේ කතෝලික පාසලකින්...

මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...

අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...