විසඳුම් නොලැබුණොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් – රවී කුමුදේශ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW): අද (12) දින මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළත් නිල කමිටුවේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි සමකැඳවුම්කරු, රවී කුමුදේශ් පැවසුවේ, එම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයින් අවස්ථා දෙකකදී වැඩ වර්ජනයක නිරත වූයේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමිනි.

සිය ගැටලු සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් හෙට (13) උදෑසන සිට යළිත් දැවැන්ත වැඩ වර්ජනයකට යොමුවන බව වෘත්තීය සමිති සන්ධානය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...