මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රිය වෙලා, රෝගීන් අසරණයි – චානක ධර්මවික්‍රම

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW): රෝගීන් 8000ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින අතරතුර ,මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසයි.

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක 2ක් අතරින් මෙලෙස එක් ඒකකයක් අක්‍රියවීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බව පැවසේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසූවේ, ඊට අමතරව දිවයිනපුරා රෝහල් රැසක රෝග නිර්ණය සඳහා අවශ්‍ය යන්ත්‍ර විශාල සංඛ්‍යාවක් අක්‍රියවී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , මහනුවර ජාතික රෝහලේ දන්ත විකිරණ පරීක්ෂණ කෙරෙන යන්ත්‍ර 2ක් ද අඩාල වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...