*
Thursday, February 13, 2025
spot_img

Latest Posts

2024 වසර මාධ්‍යවේදීන්ට මරාන්තිකම වසරයි; ඊශ්‍රායලය විසින් ඝාතනය කළ සංඛ්‍යාව 100 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2014 වසර මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් ඝාතනයට ලක්වූ වසර වශයෙන් සැලකෙන අතර ඉන් 124ක් ඊශ්‍රයල විසින් ඝාතනය කළ බව මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) සිය වාර්ෂික වාර්තාවෙන් හෙළි දරවු කර ඇත.

ඒ අනුව, පසුගිය වසරේ රටවල් 18 ක අවම වශයෙන් මාධ්‍යවේදීන් 124 දෙනෙකු ඝාතනය කර ඇති බවත්, දශක තුනකට පෙර කමිටුව වාර්තා තබා ගැනීමට පටන් ගත් දා සිට මාධ්‍ය සේවකයින්ට මාරාන්තිකම වසර වූ බවත් ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයේදී ඊශ්‍රායල හමුදාව අතින් 2024 වසර පුරාවට අවම වශයෙන් මාධ්‍යවේදීන් 85ක් මිය ගිය අතර, මියගිය අයගෙන් 82ක් පලස්තීනුවන් බවත්, තවත් මාධ්‍යවේදීන් 24 දෙනෙකු හිතාමතාම මරා දමනු ලැබූ බවත් CPJ පවසයි.

CPJ විසින් පසුගිය වසරේ මාධ්‍ය සේවකයින් සඳහා වඩාත්ම මාරාන්තික දෙවන රටවල් ලෙස සුඩානය සහ පකිස්ථානය නම් කරන ලද අතර, එහි මාධ්‍යවේදීන් හය දෙනෙකු ඝාතනය කරන ලදී. මිට අමතරව ගාසා තීරයේ සහ ලෙබනනයේ දී ඊශ්‍රායල හමුදාව විසින් මාධ්‍යවේදීන් 10 දෙනෙකු ඝාතනය කර ඇති තවත් මාධ්‍යවේදීන් 14 දෙනෙකු හයිටි, මෙක්සිකෝව, පකිස්ථානය, මියන්මාරය, මොසැම්බික්, ඉන්දියාව, ඉරාකය සහ සුඩානය යන රටවලදී ඝාතනය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan