දුෂ්මන්ත චමීර කෝටි 02 කට අලෙවි වෙයි

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 කට අලෙවි වී තිබෙනවා.

ඉන්දියානු රුපියල් ලක්ෂ 50 ක වටිනාකමක් සහිතව චමීර වෙන්දේසියට ඉදිරිපත් වූ අතර ලක්නව් සුපර් ජයන්ට් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම්වල හිමිකරුවන් චමීර වෙනුවෙන් මිල ගණන් ඉදිරිපත් කළේය. ලක්නව් කණ්ඩායම ඉන්දියානු රුපියල් කෝටි 02 ක ලන්සුවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බැංගලෝර් කණ්ඩායම ලන්සු තැබීම අවසන් කළ අතර අවසානයේදී දුෂ්මන්ත චමීර ඉන්දියානු රුපියල් කෝටි 02 ක වටිනාකමකට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමට එක්විය.

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා මේ වනවිට ක්‍රීඩකයන් දෙදෙනෙකු සුදුසුකම් ලබා තිබේ. ඊයේ දිනයේදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ වනිඳු හසරංග ඇමරිකානු ඩොලර් මිලියනයකට වැඩි වටිනාකමකට බැංගලෝර් කණ්ඩායම මිලදී ගත්තේය.

UN