එතුමා මොකක් හරි ගැටයක් ගහගන්න බලන්නේ – මැතිවරණය ගැන සුජීවට ලැබුණු හෝඩුවාව

Date:

මීළඟ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙයිද, නැද්ද යන කාරණය පවා සැක සහිත බව සමගි ජන බලවේගයේ මැතිවරණ සහ ප්‍රචාරණ ලේකම් සුජීව සේනසිංහ මහතා පවසයි.

ප්‍රශ්නය – සියලු දෙනාම ප්ලෑන් කරන්නෙ ඡන්දෙට. හැබැයි කවුරුත් ප්ලෑන් කරන්නෙ නෑ ඡන්දයක් තිබ්බෙ නැත්නම් මොකක්ද කරන්නෙ කියන කාරණාව පිළිබඳව. ඇයි, ඒක ලොකු දුර්වලතාවයක්නෙ ?

“ඒකටත් අපි ප්ලෑන් කරලා තියෙන්නෙ. හැබැයි එහෙම එකක් වෙන්නෙ නෑ කියලා අපි දන්නවා. පාර්ලිමේන්තු මැතිවරණයක් එන බවට තමයි හෝඩුවාව තියෙන්නෙ. අපට ලැබෙන තොරතුරු අනුව, පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියන්න. මොකද එතුමා අනිවාර්යයෙන් පරදින බව එතුමා දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලන තත්වයකට එයිද කියන එකත් මට සැක සහිතයි. එතුමා හිතනවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයකදී කාටවත් 113ක් ගන්න බැරිවෙයි කියලා. මම හිතන විදියට, මගේ දැනුම අනුව එතුමා පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා, එතුමා බලනවා ඊටපස්සෙ ආණ්ඩුව හදන්න එතුමාට යම් සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන්ද කියලා එතුමා උත්සාහ කරනවා. මොකද යටම ඉන්න වෙලාවේ එතුමා පැරදිලා එතුමා ගෙදර යන්න ඕනෙ නෙ. එහෙම නැත්නම් එතුමා ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තු එන්න පුළුවන්, හැබැයි මන්ත්‍රී කෙනෙක් වශයෙන් නෙ. එතකොට එතුමා බලනවා මේක කොහෙන් කොහෙන් හරි ගැටයක් ගහගන්න”

ප්‍රශ්නය – ඔබ කියන ආකාරයට මේ ජනප්‍රියත්වය හෝ ජනප්‍රිය නොවන බව මැතිවරණයට යනකල්ම පේන්නෙ නැහැ නෙ.

“එතුමා දන්නවානෙ, එතුමා රිසර්ච් කරන්නෙ නැතුව මේවා කරන්නෙ නෑනෙ. ජනාධිපතිට පුළුවන් ඔය ඔක්කොම. එතුමා දන්නවා එතුමා ඉන්න තත්වය. ඔබතුමාලාත් දන්නවා අපිත් දන්නවා”

ප්‍රශ්නය – මහමැතිවරණයකට යනවා කියන කාරණය, අපි දන්නවා ඕනෙම ජනාධිපතිවරයෙක්ගෙ අන්තිම මාස කිහිපයේ රාජ්‍ය යාන්ත්‍රණය වුණත් අහන්නෙ නෑ කියන දෙයක් කලින් තරම්. ඒ වගේ තත්වයක් තියෙන්නෙ. එතකොට ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගනීවිද මේ වපසරිය ඇතුළෙ ?

“අන්න ඒක තමා. ඒකත් හිතලා තමා මම ඕක කිව්වෙ. එතකොට මාස ගාණනෙ එතුමාට තියන්නෙ. එතකොට එතුමා පරදිනවා මාස ගාණෙන්, පැරදිලා ගෙදර යනවා. එහෙම ගෙදර යන්නෙ නැතුව එතුමා තව චාන්ස් එකක් බලනවා – එතුමාට මේ චාන්ස් එකත් හිතන්නෙ නැති චාන්ස් එකක්නෙ ආවෙ”

සුජීව සේනසිංහ මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...