අලි සබ්‍රි රහීම්ගේ ජීප් රිය හැප්පෙයි. එක් පුද්ගලයෙකු රෝහලට !

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අද (13) අළුයම අනතුරකට ලක්ව ඇති බව සාලියවැව පොලීසිය පවසයි.

අද අළුයම 01.00 ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මන්ත්‍රීවරයා රැගත් ජීප් රථය පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටියදී ඒ දෙසටම ගමන් ගත් අත්ට්‍රැක්ටරයක පසුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අත්ට්‍රැක්ටරය පදවාගෙන ගිය පුද්ගලයා එහිදී තුවාල ලබා තිබේ.

මෙසේ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත්තේ පුලියන්කුලම, අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ ජීප් රථය පැදවූ රියදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මීට පෙර 2022 වසරේදී මෙම මන්ත්‍රීවරයා ගමන්ගත් මෝටර් රථයක හැපීමෙන් පුද්ගලයෙකු මරණයට ද පත්ව තිබිණි. ඒ, පලාවිය – කල්පිටිය මාර්ගයේ මාම්පුරිය ප්‍රදේශයේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...