ට්‍රම්ප්ගේ නේටෝ ප්‍රකාශයෙන් පසු යුරෝපීය නායකයින් ශක්තිමත් ආරක්ෂක සබඳතා ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මූල්‍ය වගකීම් ඉටු නොකළ එක්සත් ජනපදයේ නේටෝ සාමාජිකයන්ට පහර දීමට රුසියාව දිරිමත් කරන බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා(10) දකුණු කැරොලිනාවේ කොන්වේ හි පැවති ප්‍රචාරක රැලියකදී ප්‍රකාශ කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් නෙටෝහි නායකයින් මහාද්වීපය පුරා වැඩි සමගියක් සහ මිලිටරි සහයෝගීතාවයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඊයේ(12) දිනයේදී ප්‍රංශය සහ පෝලන්තය ආරක්ෂක, බලශක්ති සහ සංස්කෘතික ගැටළු ආවරණය වන පරිදි නව ගිවිසුමක් ඇතිකර ගැනීම අරමුණු කරමින් පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක්, සඳුදා පැරිසියේ සංචාරයක නිරත වෙමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ සාකච්ජා කර තිබුණේ, යුරෝපීය සංගමය, ප්‍රංශය සහ පෝලන්තය ශක්තිමත් විය යුතු බවත්, සිය දේශසීමා ආරක්ෂා කර ගැනීමට සහ සංගමයෙන් පිටත සිටින අපගේ සගයන් සහ මිතුරන් ආරක්ෂා කිරීමට සහ සහාය දීමට සූදානම් විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කර තිබුණේ, ට්‍රම්ප්ගේ ප්‍රකාශය එක්සත් ජනපද සහ යුරෝපා සංගමයේ ජීවිත අවදානමට ලක් කරනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ හා වරප්‍රසාද මුදල් කප්පාදුකර සහන වඩපිළිවෙලට යොදන්න – මන්ත්‍රී රවීගෙන් යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත්...

ජනාධිපති ට්‍රම්ප් නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ජනාධිපති ඩොනල්ඩ්...

ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...