පෞද්ගලික දත්ත ලබා ගන්නා ආයතන නියාමනය කිරීමට කඩිනමින් නීති පැනවේ

Date:

පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියාමනය සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සකස් කර අවසන් කරන බව දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි පූර්විකාවෙහි දැක්වෙන අභිමතාර්ථයක් වූ ඩිජිටල් ආර්ථික කටයුතුවල වර්ධනය හා නවෝත්පාදන සඳහා පහසුකම් සැපයීමද මෙමඟින් අපේක්ෂා කෙරේ.

2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධාන අනුව තාක්ෂණ විෂය භාර අමාත්‍යවරයාට හිමි බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

මෙම නවතම ගැසට් නිවේදනය මඟින් 2025 මාර්තු මස 18 දින සිට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක හා බලාත්මක තත්ත්වයට පත් කෙරේ. එසේම ‘ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම’ පිළිබඳ මෙම පනතෙහි IV කොටස බලාත්මක විය යුතු දිනය, පනත සඳහා කතානායකවරයාගේ සහතිකය ලත් දින සිට මාස 24කට නොඅඩු හා මාස 48කට නොවැඩි කාලයක් ඇතුළත දිනයක් විය යුතු බැවින් එකී කාල සීමාව 2025 මාර්තු මස 18 දිනයෙන් පසු දිනයක සිට බලාත්මක කෙරේ.

2024 වසරේ දෙවැනි හා තුන්වැනි කාර්තු තුළ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීමේ ප්‍රවේශ භාවිතා කරමින් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත බලාත්මක කිරීම සඳහා වූ ප්‍රතිපත්ති රාමුව සහ රීති සහ රෙගුලාසි සකස් කිරීමටත්, 2024 වසරේ සිවුවැනි කාර්තුව හා 2025 වසරේ පළමු කාර්තුව තුළ එම ප්‍රතිපත්ති, නීති හා රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීමටත් දත්ත ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරයි.

බාසුරු ජයවර්ධන

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...