සොහෙලි අක්තාර් ලොව පළමුවැන්නිය වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 14,(LNW)කොළඹ :

සොහෙලි අක්තාර් බංගලාදේශය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩිකාවක්.ඇය අවසන් වරට ජාත්‍යන්තර පිටියේ තරග වඳින්නේ 2022 ඔක්තෝම්බර 10 වන දා විස්සයි විස්ස තරගයක් සඳහායි.


ඇය මේ මොහොතේ ලෝකයේම අවධානයට පත්ව සිටිනවා.ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි කමිටුව (ICC’s Anti-Corruption Unit) මඟින් ඇය දූෂණ චෝදනා මත පස් වසරක ක්‍රිකට් තහනමකට ලක් කර තිබෙන නිසයි.ඇය ඉතිහාසයට එකතු වන්නේ එවැනි චෝදනාවකට ගොදුරුව තහනමට ලක් වූ පළමු ක්‍රීඩිකාව ලෙසයි.


දූෂණ විරෝධී නීති සංග්‍රහයේ විධිවිධාන පහක් උල්ලංඝනය කළ බව පිළිගත් පසු ඇයට වසර පහක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර ඇය චෝදනාවන්ට වරදකරු වන සිඳුවීම ඇය බංගලාදේශ ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකළ 2023 දී පැවති කාන්තා ලෝක කුසලාන විස්සයි විස්සයි තරගාවලියට අදාළ සිඳුවීමක් වෙනවා.


ඇයට එල්ල වන චෝදනාව ප්‍රධාන වශයෙන් කේන්ද්‍රව පවතින්නේ එම තරගාවලියේදී බංගලාදේශ ක්‍රීඩිකාවකට දුරකතන ඇමතුමක් මඟින් බංගලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයේදී හිටි විකට් ලෙස ( පිත්ත කඩුල්ලේ දැවටීමෙන්) දැවී යාමට කළ යෝජනාව නිසයි.ඇය එම ක්‍රීඩිකාවට ඒ වෙනුවෙන් බංග්ලාදේශ ටකා මිලියන 2 ක් (ඇමරිකානු ඩොලර් 16,400 ක් පමණ) පිරිනැමීමක් ද යෝජනා කළ තිබුණු අතර සොහෙලි විසින් යෝජනාව ගෙන ආ ක්‍රීඩිකාව ඒ සම්බන්ධයෙන් අයිසීසී හී දූෂණ චෝදනා කමිටුවට කරුණු දක්වන්නට යෙදිණ.ඒ අනුව කරන ලද පරීක්ෂණවලදී සොහෙලි අක්තාර් විවිධ කරුණු පවසමින් එම ගැටළුව මඟ හැර යන්නට උත්සාහ කළ ද,පසුව ඇයට චෝදනාවන් පිළිගන්නට වූවාය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...