කොළඹ LNW:කවුරු කොහොම සන්ධාන හැදුවත් සමඟි ජන බලවේගය සමඟ සන්ධානයකට අතුල්වෙන්නේ නම් ජන්දයට ඉදිරිපත් විය යුතු වන්නේ දුරකථනය ලකුණින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරයි.
එමඟි සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයක් බවයි කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ.
ඊට පිටින් යන්නේ නම් එම තීරණය වෙනස් කළ යුතු වන බව ඔහු පවසයි.
මේ වන විට පවතින සාකච්ජා වුවද පදනම් වී තිබෙන්නේ කුමන සන්ධාන හැදුවද ජන්දයට ඉදිරිපත්විය යුතු වන්නේ දුරකථනය ලකුණින් බව යැයි ද හිටපු මන්ත්‍රීවරයා කියාසිටියි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගය ලැයිස්තු සකස් කරමින් තිබෙන අතර මැතිවරණයට ඉදිරිපත්වීමට ද අවශ්‍ය තරම් අය සිටින බවයි කිරිඇල්ල මහතා තවදුරටත් පවසන්නේ.
ආශිකා බ්‍රාහ්මණ
