කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW :

මීට වසර 3කට ඉහත දී එනම්, 2023 වර්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයේ, පූනාගල ප්‍රදේශයේ කබරගල වත්ත නාය යාමෙන් අවතැන් වූ පවුල් 50 ක් වෙනුවෙන් ආපදාවට පත්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ඉදිකෙරෙන කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන බව වාර්තා වේ.

පසුගිය වසරේ ආරම්භ කෙරුණු මෙම නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් එක් නිවසක් ඉදිකිරිම සඳහා සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලක්ෂ 32 ක මුදලක් වෙන් කර ඇති බව ද සඳහන් වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු බලකායේ ශ්‍රමදායකත්වයෙන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙහි ඉදිකිරිම් කටයුතු ක්‍රියාත්මක වේ.

ඊයේ (13) දින මෙම නිවාස ව්‍යාපෘතියේ වර්ථමාන තත්ත්වය නිරීක්ෂණය සඳහා වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රවීන්ඳ්‍ර බණ්ඩාර මහතා හා අම්බිකා සාමිවෙල් මහත්මිය සහ ප්‍රතිලාභි නිවාස හිමියන් කිහිපදෙකු ඇතුලු පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

සටහන – විශේෂ වාර්තාකරුවෙකු විසිනි. පෙබරවාරි 14, LNW (කොළඹ): 2021 මැයි-ජූනි...

සිහිනයක් මියගිය තැන

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තාරුණ්‍යය සහ මරණය...

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. ගාසා...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...