සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට ඇමති කෙහෙළියගෙන් අනතුරු හැඟවීමක් (VIDEO)

Date:

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල බලපෑමට යටත් වීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බවත් ප්‍රශ්නයක් ඇත් නම් එය කළමනාකරණය කරගත යුතුවන්නේ තමන්ගේ වැඩ රාමුවට අනුව බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විරෝධතාව තවමත් පැවැත්වෙනවා …

“නෑ, මං හිතන්නේ ඒක හරියයි … මම සෞඛ්‍ය ඇමතිවරයා හැටියට මේ සලකලා බලන්නම්, හොයලා බලන්නම් කියන දේ කියන එක අඩුයි. කරන්න බැරි නම් බැහැ, පුළුවන් දේ කරනවා. ඉතින් ඒ රාමුව තුළ අපට වැඩකරන්න සිද්ධ වෙනවා.

මේ වෙලාවේ අහිංසක ලෙඩ්ඩු ලක්ෂ ගාණක් විවිධ අමාරුකම් මැද්දෙ ඉන්නකොට – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උදවියටත් අමාරුකම් ඇතිවෙනවා – හැබැයි අපි ඒ ඔක්කොම පොඩ්ඩක් කළමනාකරණය කරගෙන යන්න ඕනෙ. බොර දියේ මාළු බාන එකට නම් ඉඩ දෙන්නෙ නෑ”

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල වශයෙන් නම් කිරීමේ උත්සව අවස්ථාවට පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...

ගැටවරයෝ අයර්ලන්තයට එරෙහිවත් ඉහළින්ම ජය ගනිති

  නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...