අපි හරි වෙනස් ජාතියක්

Date:

අයිපීඑල් වෙන්දේසිය සහ ලංකාවේ සුපර් ඕවරයේ පරාජය

මේ කාරණා දෙක ගැනම ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ අය කියවන්නේ තමන් කැමති දේ බේරා ගෙනය.අපි හරි වෙනස් වෙන්නේ එතැනදීය.අයිපීඑල් වෙන්දේසියේදි ලංකාවේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අලෙවි විය.එය සතුටට කරුණකි.වෙන්දේසියට ක්‍රීඩකයො ගන්න පැමිණි මහත්තුරු අතරෙත් අපේ තුන්දෙනෙක් ඉඳ ගෙන සිටියේය.ඒ ගැනත් අපට සතුටුය.

කවුරු මොන විදිහට හිතුවත් අපේ මහත්තුරු තිදෙනාම කිසිම පක්ෂග්‍රාහිකමක් අපේ අයට දැක් වූ බවට කවදාවත් චෝදනා නොකරන මට්ටමෙන් වැඩ කළේය.ජාත්‍යන්තර තත්ත්වය හොඳින්ම රැක්කේය.සමහර කණ්ඩායම්වලට මුදල් ඉතුරු කරගෙන යන්නට හැකි මට්ටමට වැඩේ මැනවින් කළමනාකරණය කර දුන්නේය.

ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ සම්බන්ධයෙන් මේ කණ්ඩායම් ලංසු තබන්නට ඉදිරිපත් නොවීය.ලක්ෂ 1065 ට අලෙවි වූ වනිඳු පමණක් පොඩි ගාණකට බාගන්න බලපු මුරලි හැරෙන්න වෙනත් අයෙක් එවැනි උත්සාහයක්වත් නොගන්න පරිස්සම් විය.ඒ රටට ඇද්දා වැනි කරුණු අසා ගන්නට ගොස් තමන්ගේ ජාත්‍යන්තර ගණුදෙනු හකුලා ගන්නට ඇති අකමැත්තෙන් විය යුතුය.නමුත් ලෝක ප්‍රකට පියෙක්වත් හිටියනම් මේ ප්‍රශ්නය වෙනස් වෙන්නට ඉඩ තිබුණු බවත් පැහැදිළිය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුල් වෙන්නට දොරට තට්ටු කරමින් සිටින හෂාන් තිලකරත්නගේ පුතාවත් අඩු ගණනේ වෙන්දේසියට හිටියනම් සචින්ගේ පුතා ගත්තු ආකාරයට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටම ගන්න තිබිණි.

ඒ වගේම අයිපීඑල් මිලදි ගැනීම්වල හැඩය බලන කොට ඔවුන්ගේ අවධානය යොමු වි ඇත්තේ මේ වන විට පිතිකරුවන්ට හිසරදයක් ලෙස වැඩෙමින් තිබෙන ශ්‍රි ලංකාවේ පන්දු යැවිමේ බල ඇණියය.ඔවුන් ක්‍රමාණුකූලව ලෝකයට අධ්‍යයනය කරන්න තැනක් අයිපීඑල් හරහා සැකසෙනු ඇත.අපේ ක්‍රිකට් තෙල නිසා පල කියන භානුක රාජපක්ෂ විතරක් පිතිකරුවෙක් හැටියට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට එකතු කරගෙන ඇත.

කුසල් මෙණ්ඩිස්,චරිත් අසලංක වැනි ක්‍රීඩකයින් ලාංකිකයන් තිදෙනෙකුත් ඉඳගෙන සිටියදීම අලෙවි නොවි පැත්තකට විසි විණි.

ඊ ළඟට ඕස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි පන්දු ඕවරය දක්වා පැමිණ පරාජය වූ තරගයේ විරයා සම්මානය රොඩ් ටකර්ට පිරිනමන්නට අපි දත කමින් සිටිමු.නමුත් රොඩ් ටකර් ලංකාව වෙනුවෙන් පන්දු රැක්කේ නැත.පන්දු රැකපු ක්‍රීඩකයන්ට දුවද්දි දවා ගැනීම් කිහිපයක්ම මග හැරිණි.එක අවස්ථාවක පිතිකරුවන් දෙදෙනාම කඩුලු රකින්නාගේ අන්තයේ සිටියදී ද කඩුල්ලක් දවා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.

එසේම සුපිරි පන්දු ඕවරය ක්‍රියාත්මක වන මොහොතේ පිතිකරුවන් පන්දුවට පහර දීමට යෙදෙව්වේ නැත.මුල් පෙළ පිතිකරුවෙක්ට පන්දුව පේන තරම් ඉක්මනින් දසුන් ශානකට පන්දුව ග්‍රහනය කර ගන්නට අපහසුය.එය ප්‍රායෝගික කාරණයක්ය.අඩුම තරමේ එවැනි අවස්ථාවක පළමුව පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් දෙදෙනාගෙන් දිනේෂ් චන්දිමාල් පන්දුවට මුහුණ දිය යුතුය.පන්දු යැවීමේදි ද චමීර හෝ චාමික යොදවන්නට අවස්ථාව තිබුණ ද දඟ පන්දු යවන වනිඳුට ඒ අවස්ථාව දීම ද ටක්ර්ට සම්බන්ධ නැත.

මේ නිසා ටකර් නිසා පැරදුණා කියා තමන්ගේ අසාර්ථකකම් වසා හිත සනසා ගැනිමට වඩා තමන්ට වැරදුණු තැන් සැළකිල්ලට ගැනීම වැදගත්ය.අනෙකා නිසා වැරදුනු බව සිතීමට වඩා සාර්ථක වීමට වැදගත් තමන්ට වැරදුණු තැන් තේරුම් ගැනීමය.අපි වෙනස් නිසා අපි නිවැරදි විමට වඩා අනුන් වැරදුණු තැන් විවේචනයට කැමත්තෙමු.ශ්‍රී ලංකා කන්ඩායමේ ද සිටින්නෙ ලාංකෙය ක්‍රිඩකයින් බැවින් වෘත්තීය මට්ටමෙන් පැරදුණු තරගය ගැන නොසිතා බොහෝ ලාංකිකයනට හුරු විදිහට තමන්ගේ හිත සනසා ගන්නට උත්සාහ කළොත් දිනන්න අපහසුය.එහෙත් පරාජය ගැන හිත හදා ගැනීමට බොහෝ සාධාරන කරුණු හොයා ගන්නට හැකි වෙනු ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...