කියන තරම් ලේසි නෑ, පාවෙන්න දුන්නොත් ඩොලරය රුපියල් 300 ට විතර යයි – දයාසිරි

0
1086

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පාවීමට ඉඩ හරින්නැයි බොහෝ පාර්ශ්ව ඉල්ලීම් කළත් එසේ පාවීමට ඉඩ හැරියහොත් මුලින්ම ඩොලරයේ අගය රුපියල් 300ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

“දැන් විශාල ඉල්ලීමක් තියෙන්නෙ මේ ඩොලරයට පාවෙන්න දෙන්න කියලා. පාවෙන්න දුන්නොත් පළවෙනියෙන් ඩොලරය රුපියල් 300 කට විතර යයි. ඊට පස්සෙ ගිහිල්ලා බැහැලා, බැහැලා සමහර වෙලාවට රුපියල් 250 කට විතර එයි.

ඒ නිසා හැම දෙයක්ම පුළුවන් තරම් රට ඇතුළේ නිෂ්පාදනය කරගන්න අපි වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනෙ. ඒකට තමයි ඇත්තටම “වැඩ ලක්ෂයක්” වැඩසටහනින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා අලුත් වැඩපිළිවෙලක් පටන් ගත්තේ ජීවනෝපාය සංවර්ධනයට. ඒ කියන්නෙ ගම ඇතුළේ නිෂ්පාදනයට අවශ්‍ය වැඩ ටික අපි කරමු කියලා. අපි ඒකට දැන් ප්‍රමුඛත්වය දීලා තියෙනවා”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති ජනහමුවක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here