*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

යලිත් පණ ගැහෙන මත්තල..!

විදෙස් විනිමය ගැටළුවක් තිබෙන අවස්ථාවක රටකට සංචාරකයන් පැමිනීමත් මහඟු සමිපතක් වෙි..

වසරකට ඩොලර් බිලියන 5 කට වැඩි ආදායමක් ලබා ගැනීම ඉලක්ක කර දැනට ක්‍රියාත්මක වැඩ පිලිවෙලට අළුතෙන්ම සහාය වන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලයි..

දැනට, Skyup Air, Gullivair, Ubekistan UZB, Emirates, Cinnamon Air, ExpoAir and Srilankan සහ තවත් ගුවන්යානා සමාගමි 21 සේවා සදහා මත්තලට පැමිනේ. මගී මෙන්ම භාණ්ඩ හැසිරවීමිද නිරන්තරයෙන් සිදුවෙි..

මෙම ගුවන්තොටුපල ගුවන්බඩු ආනයන හා අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙසට සංවර්ධනය කිරීමට දැනට සැලසුමි කෙරේ.අවට විදෙස් ආයෝජන කලාපයක් ඇතිකිරීම මෙන්ම රටෙි කෘෂී නිෂ්පාදන අපනයනය සදහා පහසුකමි ඇතිකිරීමෙන් සහ විදෙස් ගුවන් යානා නඩත්තු කිරීමෙි මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමෙන්ද විශාල ආදායමක් ලබාගැනීමට සැලසුමි කෙරේ.

ගුවන් යානාවන්ට ඉන්ධන සැපයීමෙන්ද,හදිසි ගොඩබෑමි සදහාද නාවික සේවකයන් නිරන්තරයෙන් හුවමාරැ වන තොටුපලක් ලෙසද මත්තල යලිත් ස්ථාවර වෙමින් පවතී..

දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලක අවශ්‍යතාව ඇතිවූයේ හමිබන්තොට ඉදිවෙමින් පැවතුනු වාණිජ වරායට සැපයුමි ගුවන් තොටුපලක් අවශ්‍ය වූ බැවිනි.. ඒ 2009 දීය..මෙහිදි උඩවලව,නැගෙනහිර සහ දකුනු මුහුදු තීර පිලිබදවද සලකා සංචාරකයන් සදහා යොදා ගැනීමටද,මගීන් හුවමාරැවන ප්‍රධන මධ්‍යස්ථානයක් ලෙසද සංවර්ධනය කිරීම අරමුන විය.

හමිබන්තොට මත්තල තෝරාගැනීමට පෙර සීගිරිය..වවුනියාව…පල්ලේකැලේ..වීරවිල…වැල්ලවාය..හිඟුරක්ගොඩ සහ කළුතර දෙවැනි ගුවන්තොටුපල සදහා සලකා බැලුනි…

කි. මී. 3.5 ක විශාල ධාවන පථයක් සහ අක්කර 8000 ක වපසරියකින් මෙම ගුවන් තොටුපල සාදා ඇති බැවින් ලොව අති විශාල ගුවන්යානා පවා (Antonov AN 225 Mriya) ආකර්ෂනය කරගැනීමට හැකි ලෙස සැලසුමි කර ඇත.

ධන උල්පතක් කරනවා වෙනුවට 2015 දී මෙම ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමට තරමි යහපාලන රජය පහත් තීන්දුවක් ගත් අතර පාඩුව ලක්ෂ 1192 ක්ද ඉක්මවා ගියේය.

මෙම ගුවන් තොටුපල සෑදීමට වැයවූ ඩො. මි.200 ක මුදල ජනතාවට බරක් නොවී ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගම මගින් පියවීමට කර තිබූ සැලසුමිද මෙිනිසා අඩපන විය..

කි,මී. 15 නුදුරින් පිහිටි හමිබන්තොට වරායට මහත් රැකුලක් වෙන මෙම ගුවන් තොටුපලට දක්ෂිණ අධිවෙිගය නිසා පහසු ප්‍රවෙිශයක් ඇතිවී ඇත..

අභියෝග ජයගමු මත්තල රැකගමු..!!!

Sponsored Article
පරාක්‍රම බස්නායක.
හිටපු රේගු අධ්‍යක්ෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan