පාඩු පිට පාඩු ලබන ලංවිමට උපදේශකවරුන් දෙදෙනෙක් – පඩිය මිලියනයයි

Date:

ලංකා විදුලිබල මණ්ඩලය සඳහා උපදේශකවරුන් දෙදෙනෙකු පත් කිරීමට නියමිත වේ. මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ උපදෙස් මත මෙම පත් කිරිම් සිදු කිරීමට යන බවයි මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

විදුලිබල අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන සුසන්ත පෙරේරා මහතා සහ විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා මෙසේ උපදේශකවරුන් ලෙස පත් කිරීමට නියමිත අතර මෙවැනි පත් කිරීමක් සිදුවන්නේ පළමුවරටයි. නව තනතුරු සඳහා රුපියල් මිලියනය ඉක්මවන වැටුප් හා දීමනා හිමි වන බවද වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය දැවැන්ත පාඩුවක් ලබමින් සිටින බව පසුගිය කාලය පුරාම එහි ඉහළ නිළධාරීන් ප්‍රකාශ කළ අතර විදුලි නිෂ්පාදනය සඳහා ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බිලියන ගණනක් ගෙවීමටද තිබෙනවා. මීට අමතරව රාජ්‍ය බැංකුවලින් ගත් ණය බිලියන ගණනක් එකතු වී තිබේ. එසේ තිබියදී රුපියල් මිලියන ඉක්මවන වැටුපකට උපදේශකයන් දෙදෙනෙකු බඳවා ගැනීමට විදුලිබල අමාත්‍යංශය තීරණය කර ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...