පෙට්‍රල් 192 යි ඩීසල් 169 යි – මිල ඉහළ දැමීමේ යෝජනාව බලශක්ති ඇමති අතට

Date:

ඉන්ධන මිල ඉහළ දැමීමට අදාල යෝජනා අද (14) බලශක්ති ඇමතිවරයා වෙත බාරදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඛනිජ තෙල් සංස්ථාව ලබන දැඩි පාඩුව අවම කර ගැනීමට නම් ඉන්ධන මිල ඉහළ දැමීම අනිවාර්ය බවයි සංස්ථාව පවසන්නේ.

මේ වනවිට පෙට්‍රල් ලීටරයක මිල 177 ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 121 ක් වේ. කෙසේ නමුත් ආනයනික පිරිපහදු පෙට්‍රල් ලීටරයක් පිරිවැය 192 ක් වන අතර ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 169 ක් වේ. මේ වනවිට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15.68 ක් හා ඩීසල් ලීටරයකින් රුපියල් 48.30 ක් පාඩු ලබන බවයි ඛනිජ තෙල් සංස්ථාව පෙන්වා දෙන්නේ.

පාඩුව අවම කර ගැනීමට නම් මිල ඉහළ දැමීමක් සිදු කිරීම අනිවාර්ය වී ඇති අතර මිල ඉහළ දැමීමට අදාල යෝජනා පසුගියදා මුදල් අමාත්‍යංශය වෙතද යොමුකර තිබිණි.

අවසන් වරට පසුගිය දෙසැම්බර් 20 වැනිදා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ ගිය අතර ඉන් අනතුරුව මෑතකදී ලංකා ඉන්දියන් ඔයිල් සමාගම නැවතත් පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමීමට කටයුතු කළේය. ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ අවම වශයෙන් IOC සමාගමේ මිල ඉහළ යාමට සාපේක්ෂව හෝ ඛනිජ තෙල් සංස්ථාවද මිල ඉහළ දැමිය යුතු බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුබැද්ද ප්‍රදේශයේ ගස් කඩා වැටි ගාලු පාරේ වාහන තදබදයක්…

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : මේ වන විට,...

දුම්රිය ධාවනයත් නවතී !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද...

පේරාදෙණිය මල්වත්තත් ජලයෙන් යටවෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28,කොළඹ LNW : ​අධික වර්ෂාවත් සමඟ මහවැලි...

ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි. බොහෝ ප්‍රදේශවලට ප්‍රහාරාත්මක සුළං – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති "දිට්වා" ...