*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ඩයනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම් විභාගය අවසන්. තීන්දුව දින නියමයක් නොමැතිව කල්යයි

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙත්සමක් නිශ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන් නියෝගයකට එරෙහිව ගොනුකර ඇති අභියාචනා පෙත්සම පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) අවසන් කළේය.

ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ සහ පෙරේදා යන දින දෙකෙහි මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.

සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දැක්වූ අතර පෙත්සම්කාර ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆීල් ෆාරිස් මහතා නැවත කරුණු ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම දින නියමයක් නොමැතිව කල් තබනු ලැබීය.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට චෝදනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan