සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි, 14 කොළඹ (LNW): වර්ථමාන ලෝකය වෙනස්.පහසුකම් තරමටම අපහසුකම් වැඩියි.විශේෂයෙන් දියුණුව හැටියට පහසුකම් වගේම අපහසුකම් ද එක ලෙස නැඟෙනවා.මේ තත්ත්වයන් ලෝකයේ සිඳුවන හැම ක්‍රියාවකටම හොඳට මෙන්ම නරකටත් බලපානවා.ඒක ක්‍රිඩාවටත් ඒ ආකාරයටම අදාළයි.
මේ තත්ත්වය නිසාම ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ කාර්යභාරය තිබුණට වඩා සංකීරණයි.ක්‍රිඩාව ලෝකයේ සිඳුවන දේශාපාලන සහ සමාජ වෙනස්කම් හමුවේ එහි උත්තරීතර අනන්‍යතා අහිමි වන්නට නොදී රැක ගැනීමේ වගකීම නිරුත්සාහයෙන්ම ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවට අදාළ වෙනවා.
කැස්ටර් සමෙන්යා
ක්‍රීඩාවේ ජීවගුණය සහ සර්ව සාධාරණ බව ආරක්ෂා කර ගැනීම සඳහා වෙනස් වූ ක්‍රියාමාර්ග ගැනීමේ අභියෝගය භාර ගන්නට මේ වන විට ක්‍රිඩාවට සිඳුවෙලා තියෙනවා.එහි මුල රැඳේන්නට වී තිබෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට.විශේෂයෙන්ම ලෝකයේ විවිධත්වය සම්බන්ධයෙන් වන විද්‍යාත්මක නිර්වචනය වෙනස් වෙලා දියුණු වෙනවිට පාපයක් හැටියට දුටුව මිනිසුන් ලිංගිකව වෙනස්වීමේ කාරණය අයිතියක් හැටියට තහවුරු කරන විද්‍යාත්මක සාධක මතුවෙලා.මේ තත්ත්වය නීතියෙන් පිළිගන්න විද්‍යාවෙන් විසඳුම් දෙන කාරණයක් වුණාම,ඒ ජන කොටසට නව අනන්‍යතාවයෙන් ක්‍රීඩා පිටියේ හැසිරෙන්න තියෙන අයිතිය සාක්ෂාත් කරන්න උත්තරීතර කැපවීමක් කරන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මැදිහත් වෙනවා.
ලොරේල් හර්බඩ් (Laurel Hubbard) ඉකුත් ටෝකියෝ ඔලිමිපික් උළෙලේදී පළමු වරට කාන්තා බර ඉසිලීම නියෝජනය කිරීම සංක්‍රාන්ති කාන්තාවකගේ ඉදිරිපත් වීම සටහන් කළා.සම්ප්‍රදායික විදිහට ලෝකය අර්ථ දක්වන මිනිස්සු ලොරේන් පිරිමියෙක් හැටියට මේ තරගයේදි කාන්තාවන්ට විශාල අසාධාරණයක් කරනු ඇති බව පෙන්වා දුන්නත්,හෝමෝන මඟින් ඇයගේ ඇතුලාන්තය මෙන්ම භෞතිකව සකස් කළ කාන්තා ලාලිත්‍ය සහිත සිරුරුට දක්ෂ කාන්තාවන් අභිබවා යන්නට නොහැකි වුණා.මේ තත්ත්වය මත ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව මීට පෙර සිටම ලෝකය දැකපු විද්‍යාත්මක දෘශ්ඨියට යම් සාධාරණයක් තවත අතකින් සිද්ධ වුණා.
ලොරේල් හබර්ඩ්
ඒ මේ මොහොත වන විට පිරිමි හෝමෝන සහිත ශරීරවලින් ලැබෙන වැඩිපුර වාසිය නිසා කාන්තා ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බූදකාරි තත්ත්වයට දුන් විසඳුම සම්බන්ධවයි.සංක්‍රාන්ති අවස්ථාවකදී ගැහැණු හෝමෝන හරහා කාන්තා අනන්‍යතාවය සුරක්ෂිත කරන ආකාරයටම පිරිමි හෝමෝන ශ්‍රාවය වීම අඩු කිරීමටත් විද්‍යාත්මකව ඖෂධ ලබා දෙනවා.මේ තත්ත්වයටද එල්ල වූ අභියෝගය ලොරේල්ගේ හැකියාව හෝමෝන හරහා පිරිමි තත්ත්වයෙන් කාන්තා තත්ත්වයට පැමිණීම නිසා සාධාරණ මට්ටමේ විසදුමක් ලැබුණා.
මේ නිසා දකුණු අප්‍රිකාව නියෝජනය කළ කැස්ටර් සෙමෙන්යා (Caster Semenya) වැනි ක්‍රීඩිකාවන්ට ඉතා ඉක්මණින් ක්‍රීඩාවේ හැකියාවන් සඟවාගෙන ක්‍රීඩාවට සමු දීමට සිඳුවන තත්ත්වයක් මතු වුව දඑවාට විද්‍යාත්මක විසඳුම් ලබා දීමට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවට හැකි වුණා.වඩාත් මානුෂීය වූ නිති පද්ධතියක් මෙන්ම ජෛව විද්‍යාත්මකව විමසා බලන ශරීරයක් ද සමඟ වැඩ කරන තත්ත්වයට ක්‍රීඩාවේ මානුෂික සම්පත් පරිපාලනය කිරීමට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව දරණ වෑයම වඩාත් ප්රශස්ත වන්නේ එයින් ගම්‍ය වන මානුෂික ස්වභාවය නිසයි.
Caster Semenya
වඩා වැදගත් තවත් කාරණයක් වන්නේ මේ මොහොත වන විට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව මේ පෘතුවි තලයේ සකලවිධ මනුෂ්‍යයන් නියෝජනය කිරීමයි.එයට දේශ සීමාවන් නැතිවීම අතිශයින් වැදගත්.ඒ නිසාම විවිධ වාර්ගික අර්බූද සහ දේශසීමා අර්බූද නිසා ක්‍රීඩාව අහිමිවන ප්‍රජාව වෙනුවෙන් සරණාගත කණ්ඩායමක් ලෙස ඔලිමිපික් ධජය යටතේ තරග වඳින්නට අවස්ථාව ලැබෙනවා. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමඟ ඒකාබද්ධව සිඳු කරගෙන යන මේ වැඩ පිළිවෙල හරියටම ඔල්මිපික් සංඛේතය වන පස් වර්ණ වළලු පහ සම්බන්ධ හොඳ කියවීමක් හැටියට ගත හැකියි.එයින් නියෝජනය කරන මහද්වීප පහටම බැදුණු කොයි තැනක වුව දේශාපාලන හෝ කුමන හෝ සමාජ ව්‍යසනයක් හෝ පීඩාවක් නිසා ක්‍රීඩාව අත හරින තත්ත්වයට පත්වන දක්ෂයන්ට ඉඩ හදන සහ දොර හරින සරණාගත ඔලිමිපික් කණ්ඩායම යනු මේ මොහොතේ ලෝකයේ මනුස්සකමේ සංවිධානාත්මක ප්‍රකාශ අතරින් වඩාත් ප්‍රායෝගිකව විඳින්නට හැකි ඉහළම අවස්ථාවක් ලෙස ගත හැකියි.මෙවර ද සරණාගත කණ්ඩායම ක්‍රීඩා 12 ක් නියෝජනය කරන 66 ක කණ්ඩායමකින් සූදානම්ව සිටින අතර ඔවුන් වෙනුවෙන් පෙර පුහුණු සැසි සඳහා ප්‍රංශයේ නෝමැන්ඩි හි ඓතිහාසික නගරයක් වන Bayeux සූදාකම් කර ඇත.එසේම එවැනි සරණාගත තත්ත්වයන් හමුවේ ජීවිතයට සහ ක්‍රීඩාවට මුහුණ දි සාර්ථක වූ මිනිසුන්ම එහි පරිපාලනයට යෙදවීමේ සැළසුමක් ද මෙවර එම සරණාගත කණ්ඩායම සඳහා නම් කළ කණ්ඩායම් ප්‍රධානියාගෙන් දැකිය හැකිය.ටෝකියෝ 2020 ඔලිමිපික් උළෙලට සරණාගත පාපැදි කණ්ඩායම නියෝජනය කළ ඇෆ්ගනිස්තානයෙන් පිටව සිටින මසෝමා අලි ෂාඩා (Masomah Ali Zada) පැරිස් 2024 ඔලිමිපික් උළෙලට සහභාගිවන කණ්ඩායමේ කණ්ඩායම් ප්‍රධානියා වන්නේය.
මසෝමා අලි ෂාඩා (Masomah Ali Zada)
සරණාගත යන කාරණයට සීමා නොවී මේ කාරණා වඩාත් අවධානයට ලක් කළහොත් දේශපාලන සංක්‍රාන්තිය,ජාත්‍යන්තර සම්බාධක,කුමන හෝ රටක් හෝ ඔලිමිපික් කමිටුවක් අත්හිටුවා තිබීම (අත්හිටුවීම්) සහ භූ දේශපාලනික වෙනස්කම් වැනි කරුණු නිසා ක්‍රීඩා කිරීම අහිමි වන්නට යන පිරිසට තමන් උපන් රට හෝ පුරවැසිභාවය හිමි රට නොමැතිව සිය ක්‍රීඩා දක්ෂතා ඔලිම්පික් ධජය යටතේ ප්‍රදර්ශණය කරන්නට අවස්ථාව ලැබේ.
ෆෙඑාඩ් අල් දිහානි (Fehaid Al-Deehani) 2012 දී කුවේට් ඔලිමිපික් කමිටුවට තහනමක් තිබියදී ඔලිමිපික් ධජය යටතේ සහභාගි වී වෙඩි තැබීමෙන් රන් පදක්කමක් දිනා ගැනීම එයට එක් උදහරණයක් ලෙස ගත හැකියි.එසේම යුගෝස්ලාවියාවේ ෆෙඩරල් ජනරජය (සර්බියාව සහ මොන්ටිනිග්‍රෝ) එක්සත් ජාතීන්ගේ සම්බාධක යටතේ පැවතිය දී එරට ක්‍රීඩකයින්ට තරග කිරීමේ අවස්ථාව අහිමි නොකළ ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව තනි තනි යුගෝස්ලාවියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිමිපික් ධජය යටතේ සහභාගී වීමට අවසර දිම ද මෙවැනි වැදගත් අවස්ථාවකි.
ඔලිම්පික් ධජය යටතේ පදක්කම් දිනූ ෆෙඑාඩ් අල් දිහානි (Fehaid Al-Deehani)
වසර ගණනක සිට රුසියාවට තහනම් උත්තේජක චෝදනා යටතේ ජාත්‍යන්තර ඔලිමිපික් උළෙල වාරණය කර ඇත.එහෙත් එහි පවතින ඔලිමිපික් කමිටුව යටතේ සහ ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව යටතේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිමිපික් උළෙල නියෝජනය කිරීමට අවස්ථාව ඇත.දේශසීමා අර්බූදවලදී සහ ගෝත්‍රික ගැටුම්වල ප්රතිපක ලෙස සරණාගත කදවුරුවල සිටින ක්‍රීඩා හැකියාවන් ඇති ප්‍රජාව වෙනුවෙන් වෙනම වැඩ පිළිවෙලක් සිඳු කරගෙන යාමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීමට ලක් වී ඇති ජාත්‍යන්තර ඔලමිපික් කමිටුව යුක්රේනයට සිදු වූ රුසියානු ප්රහාරවලදී එරට ජනතාවගේ සුබසාධන පහසුකම් වෙනුවෙන් ක්‍රීඩාව ඉක්මවා ගිය විශාල මානුෂීය ආධාර තොගයක් පරිත්‍යාග කරන්නට ඉදිරිපත් විය.එසේම මේ වන විට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව හඳුණාගෙන ඇති සරණාගත කඳවුරුවලදී ද ක්‍රීඩාව ඉක්මවා යන මානුෂික ආධාර උපකාරවලට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මැදිහත් වෙමින් ඇත.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පවත්වාගෙන යනු ලබන සරණාගත කඳවුරක්
අදවන විට යුක්රේනයට මානුෂික ආධාර ලබා දුන්න ද,ක්‍රීඩාවේ හැකියාව ඇති පුද්ගලයගේ අයිතිය සුරක්ෂික කිරිමේ වගකීම අත් නොහරින ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව සත්කාරක ප්‍රංශයෙන් පවා විරෝධතා එක්වෙද්දී රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිමිපික් සහභාගීත්වය සනාත කර ඇත.යුද්ධයට වෘත්තිමය වශයෙන් සහභාගීත්වයක් නැති රුසියානු සහ බෙපරුසියානු ක්‍රීඩකයින් වෙනුවෙන් මේ විවර කරන දොර ක්‍රීඩාමය වූ වැදගත් තීරණයකි.යුද වදින රටකට දිරියක් නොව යුද්ධය පැවතියද යුද්ධයට සම්බන්ධ නොවන ක්‍රියාකාරකම්වල නොයෙදෙන ලෙස ක්‍රීඩාවේ නියැලෙන ශක්තිවන්තයන්ට කරන සංඥාවක් මෙන්ම ඇරයුමකි
.
මේ මොහොත තුළ බලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින ලෝක දේශපාලනයේ අර්බූද සියල්ල සමඟ වඩා මානුෂීය තැනක නිර්භීතව පෙනී සිටින්නට සහ අභියෝගයට ලක් කළ නොහැකි ස්ථාවරයක් තනා ගන්නට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවට හැකි වී තිබෙනවා.ඊට හේතුව ඔවුන්ගේ තීන්දු තීරණ විද්‍යාත්මක පදනමක පිහිටා තිබීමයි.විද්‍යාවේ දියුණුව මානුෂික සංහාරවලට යොදා ගැනීම සම්බන්ධයෙන් ලෝක බලවතුන් පවා ජනතාවගේ අප්‍රසාදයට සහ විරෝධයට පාත්රවන වටපිටාවක විද්‍යානුකූල සාධක මත සකල විධ මිනිසුන්ට සමානව හිමිකම් පැවරෙන මානවීය දැක්මක් සහිතව ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව ගෙන යන වැඩ පිළිවෙල,අවිවලට,දුර්මතවලට යටත්ව මේ ලෝකය මත විනාශය අතුරන,මිනිස් සංහාරවලට දායකවෙන මිනිසුන්ගේ හිස්බව ප්‍රකාශ කරන සහ ඊට වඩාත් දියුණු මානවවාදී ක්‍රියාපදවලින් උත්තර ලියන දියුණුම ප්‍රායෝගික වැඩ පිළිවෙලක් බව කිව යුතුයි.
ලෝකය එක යායක් හැටියට දකින දේශපාලන මිත්‍යාවට එහා ගිය එය ක්‍රියාපදයක් ලෙස ලිවිය හැකි දියුණුම සහ විද්‍යාත්මක පදනමක් සහිත මානුෂීය වැඩ පිළිවෙල දෑසින් දකින්නට වසර හතරකට වරක් පැවත්වෙන ඔලිමිපික් මංගල්ලය එන තෙක් සිටිය යුතුයි.මේ වසර ඒ සුබ මංගල්ලය ලෝකය සතුටු කරන තවත් තීරණාත්මක වසරකි.ගිණි ගන්න ලෝකය ඔල්මිපික් හදවතේ තෙතමනයෙන් තෙමා සිසිල් කරන පැරිස් නුවරක් දකින වසරක අභිමානය පිළිගන්න අපි බලා සිටින්නෙමු.