මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මන්නාරම් දුපත ලංකා සිතියමෙන් ඉවත් කරන ඛනිජ කොල්ලය සහ විනාශකාරී සුළං බලාගාර ව්‍යාපෘතිය වහා නතර කරන ලෙසයි එහිදී බලකෙරුණේ.

ගෝල්ෆේස් පිටියට එක්රැස් වූ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත විරෝධතා පාගමනින් ගොස් සිය ඉල්ලීම් රැගත් සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී.

මෙම විරෝධතාව සංවිධනය කර තිබුණේ මන්නාරම පුරවැසි කමිටුව සහ පරිසරය සඳහා වූ මහජන සභා මධ්‍යස්ථානය සඳහා ව්‍යාපාරය විසිනි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...