කොළඹ මහ නගර සභාවටත් අලුත් එළියක්!

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසන්නේ එම කටයුතු ඉදිරි අය වැයෙන් පසු මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.

ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් ප්‍රතිපූරණය කර ඇති බවයි කොමසාරිස්වරයා සඳහන් කරන්නේ.

එම වැඩපිළිවෙල යටතේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නගර සභාවට අයත් ක්‍රීඩා පිටි වෙන් කරවා ගැනීම, ප්‍රදේශයේ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ජීවත්වන පවුල් සංඛ්‍යාවට පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැනි පහසුකම් ල\සැලසෙන අතර කොළඹ මහ නගර සභාවේ මානව සංවර්ධන සැලසුමක් සකස් කිරීමට ද නියමිතයි.

නාගරික ඉදිකිරීම් අධිකාරියක් පිහිටුවීමටත් කොළඹ තරුණ තරුණියන්ට නගර සභා බල ප්‍රදේශයේ ස්වයං රැකියා සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත් එම වැඩසටහන යටතේ යෝජනා කර ඇති බව සඳහන්.

මේ අතර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමටද නියමිත අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඉදිකිරීම් පිළිබඳ ප්‍රමුඛතා හඳුනා ගැනීමට වත්කම් කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට ද යෝජිතයි.

ඒ අනුව ඉදිරියේදී නව වැඩපිළිවෙලක් යතේ කාර්යක්ෂම මහජන සේවයක් වෙනුවෙන් කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...