ලිංගික වෘත්තියට නඩු දාන්න බැහැ

Date:

ලිංගික වෘත්තියේ යෙදීම ජීවිකාවක් වශයෙන් පවත්වා ගෙන යන්නේ නම් ඊට එරෙහිව නඩු පැවරිය නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ, පසුගිය දිනක පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ තායිලන්ත කාන්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළ මොහොතේ සිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. 

ව්‍යාපාරයක් ලෙස ලිංගික වෘත්තිය පවත්වා ගෙන යන්නේ නම් හැරුණු විට තනි පුද්ගලයකු ලිංගික වෘත්තිය ජීවිකාව ලෙස පවත්වා ගෙන යාමට එරෙහි ව නඩු පැවරිය නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා සිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා තිබෙන්නේ.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික වෘත්තියේ යෙදීම නීතිවිරෝධී වරදක් ලෙස හඳුනා නොගන්නා අතර ලිංගික සේවා සපයන මධ්‍යස්ථාන (brothel houses) පවත්වා ගෙන යාම පමණක් නීතිවිරෝධී වේ. 

කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන මුවාවෙන් ලිංගික සේවා සපයන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගියේ යන චෝදනා මත කාන්තාවන් පිරිසක් කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝබර් මසදී ය. 

සිදුවීමට අදාල තායිලන්ත ජාතික කාන්තාව ලිංගික සේවා සපයන මධ්‍යස්ථානයක් කලමනාකරණය කළාය යන චෝදනාව මත නඩුව විභාග වන අතර, ලිංගික වෘත්තියේ යෙදීම වරදක් ලෙස සැලකිය නොහැකි හා බ්‍රොතල් නිවාසයක් පවත්වා ගෙන යාම මත නඩු පැවරිය හැකිය යන පදනම මත එළඹෙන ජූනි 04 වන දින නඩුව යළි විභාගයට ගැනීමට නියමිතය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...