*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

බුද්ධියෙන් විමසන දැනුම වකුගඩුවෙන් බෙදන පත්තර කලාව (මාතර දරු ප්‍රසූතිය පිළිබඳ පුවතට අදාළවයි)

මීට දිනකට පෙර දිවයිනේ ප්‍රසිද්ධ පුවත්පත් කිහිපයක මෙන්ම විවිධ පුවත් වෙබ් අඩවි වල පළවූ පුවතකට අදාලව මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමු. 

සිදුවීම සැකෙවින් මෙසේය. මාතර ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියදුරකු උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරු ප්‍රසූතියක් සිදු කර තිබේ. එම රියදුරා පිරිමි පුද්ගලයකු බැවින් කුණු රස තළු මැරීමට ලොල් පාඨක දහස් ගණනක් අත මෙම පුවත සංසරණය වන්නට නැනෝ තත්ත්පරයක් වත් ගත නොවන්නට ඇත. එම පුවත සංසරණය වී තිබෙන්නේ පිරිමියකු දරුවකු බිහි කරලා යනුවෙනි. එක්තරා පුවත්පතක දැක්වූයේ පිරිමියකු ලෙස වෙස්ගත් ගැහැණියක ත්‍රී රෝද රථ රියදුරකු ලෙස සමාජයේ පෙනී සිටි බවයි. පත්තර කලාවේ ප්‍රමුඛයින් යැයි පවසා ගත් පුද්ගලයින් සිදුවීමට අදාල පුද්ගලයා පිරිමියකු යන්න උදෘත කොට තැබීමද විශේෂත්වයකි.

මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව මේ වන තුරුත් තහවුරු කොට නොමැති වාතාවරණයක් තුළ පළමුව අපට පැවසීමට ඇත්තේ මෙයයි. ශ්‍රී ලංකාවට ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ කතිකාවත අලුත් විය හැකිය. එහෙත් මාධ්‍ය කලාව හොබවන ඇත්තන්ට මෙවන් සිදුවීමක් අතිශෝක්තියෙන් වර නැගීමට එය ප්‍රවේශ පත්‍රයක් නොවේ. මෙවන් සිදුවීමක් වාර්තා කිරීමේදී (සත්‍ය අසත්‍යතාව තවමත් තහවුරු කර නොමැති වාතාවරණයක් තුළ) ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට අදාල සංසිද්ධි පිළිබඳ මූලික හැදෑරීමක් සිදුකර තිබීම අත්‍යාවශ්‍ය ය. 


මාතර සිදුවීම වාර්තා කර තිබූ අයුරු

අදාල සිදුවීම ප්‍රසිද්ධ පුවත්පත් කිහිපයක මෙන්ම වෙබ් අඩවි වල පළ කර තිබුණේ පසුගිය බදාදා (22) දින රාත්‍රියේ මාතර ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයකු දැඩි උදරයේ අමාරුවක් ඇතිවී රෝහලට ඇතුලත්වූ බවත්, පිරිමි නමකින් ඇතුලත්ව ඇති මෙම තැනැත්තා ජාතික හැඳුනුම්පත ඇතුළු සියළු තොරතුරු ඉදිරිපත් කොට ඇත්තේ පිරිමි වෙසින් බවත් ය. රෝහලේ ප්‍රතිකාර ලැබීම තුළ මොහු පිරිමියකු නොව සැබවින්ම කාන්තාවක බවත්, එම හඳුනා ගැනීම තුළ දරු ප්‍රසූතියක් සිදු කිරීම සඳහා කාන්තා වාට්ටුවකට මාරු කළ බවත් එම පුවතේ වැඩිදුරටත් දැක්වෙයි. මොහු අසාමාන්‍ය තත්ත්වයක් යටතේ උපන් කාන්තාවක බවත්, කුඩා කළ ලිංගිකත්වය පිළිබඳ මතුවන ගැටළු සමඟ පියයුරු ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බවත්, ඉතා කලාතුරකින් සිදුවන මෙම තත්ත්වය අසාමාන්‍ය බවත් ඉලිප්පීමට තවත් දිවයිනේ ප්‍රමුඛ පෙළේ පුවත්පතක් උත්සාහ දරා තිබේ. 

අදාල පුවත වාර්තා කිරීම තුළ ඒ අවට පිරිසගේ විශ්මය හැඟවෙන මෙන්ම පාඨකයන්ගේ කුතුහලය ඇවිස්සෙන පරිදි තොරතුරු පෙළගස්වා තිබීම අතිශයින් අශෝභනය. මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව කෙසේවුවද, ලද තොරතුරු වලට අනුව මෙයින් කියවෙන්නේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු පිළිබඳව විය යුතුය. මෙම ලිපිය ලියවෙන්නේ ඒ පිළිබඳ බුද්ධියෙන් විමසීමට ලැදි පාඨක ඔබ වෙතයි.


සංක්‍රාන්ති සමාජභාවය යනු කුමක්ද?

උපතේදී ලැබෙන ලිංගය (Sex) හෝ එම ලිංගය මත සමාජය විසින් විනිශ්චයට ලක්කරන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය (Gender) හා යම් පුද්ගලයකු තම මනසින් හඳුනා ගනු ලබන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අතර නොගැළපීමක් ඇතිවීම සරලව සංක්‍රාන්ති සමාජභාවය ලෙස හැඳින්වේ. මෙය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් (Transgender) යනුවෙනි. සමාජයේ ජීවත් වන ඇතැම් කොට්ඨාශයකට ජීව විද්‍යාත්මක ලිංගය, හෝ පැවරූ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හා මනසින් හඳුනා ගන්නා අනන්‍යතාව නොගැළපීමක් හට ගැනීමේ අවස්ථා ඕනෑ තරම් පවතී. මනසින් හඳුනා ගන්නා මෙම අනන්‍යතාවයට ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක සාධක බලපෑමට ඉඩ ඇත.

මනෝවිද්‍යාවේ පුනරුදයත් සමඟ, ඇමරිකානු මනෝවෛද්‍ය සංගමයේ (American Psychiatric Association) Diagnostic and Statistical Manual of Mental Disorders (DSM) 5 වෙනි සංශෝධනය “සංක්‍රාන්ති සමාජභාවය” යනු උපතෙන් ලැබෙන ලිංගය සම්බන්ධව ඇතිවන ‘කණස්සලු ස්වභාවයක්’ (Gender Identity Dysphoria/Gender Dysphoria) බවට නම් කර තිබෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම සංකල්පය අර්තකථනය කරනු ලබන්නේ පුළුල් පරාසයක විහිදුනු ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතා තුළ මෙසේ හට ගත හැකි බවයි. සංක්‍රාන්ති සමාජභාවය කුඩපදයක් (Umbrella Term) බැවින් එම තත්ත්වය යටතේ අනන්‍යතා රාශියක් පැවතීමට ඉඩ ඇති බව ඔවුන්ගේ මතය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 11 වන අන්තර්ජාතික රෝග වර්ගීකරණයට (International Classification of Diseases/ICD-11) (2016) අනුව සංක්‍රාන්ති සමාජභාවය යනු උපතින් ලද ලිංගයට ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ ඇති ‘නොගැළපීමයි’ (Gender Incongruence).

සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවේ ඇතැම් පුද්ගලයින් තමා මනසින් හඳුනා ගන්නා අනන්‍යතාවට ගැළපෙන පරිදි සිය කායික ශරීරය වෙනස් කර ගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම සිදුවේ. එය පූර්ණ වෛද්‍ය අධීක්ෂණයක් යටතේ සිදුවන සියුම් ක්‍රියාදාමයකි.

පුවතේ ලද තොරතුරු අනුව මෙම තැනැත්තා සංක්‍රාන්ති සමාජභාවී පුරුෂයකු විය යුතුය. ඔහුගේ මුහුණේ රැවුල පිහිටා තිබූ බව හා සියළු හැඳුනුම්පත් ඇතුළු ලියකියවිලි තුළ පුරුෂ අනන්‍යතාවක් පැවති බවට උළුප්පා පෙන්වීමට අවශ්‍ය නැත. ඔහුට ගර්භාෂයක් තිබූ බව උළුප්පා පෙන්වීමට අවශ්‍ය නැත. පිරිමි වෙසින් පැමිණි කාන්තාවක යැයි උදෘත කොට පෙන්වීම ද අතිශයින් අශෝභන ය. සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ලොව වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද වාසය කරයි. එපමණක් නොව ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය සහිතව සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවක් හඳුනා ගන්නා ප්‍රජාව හට අවශ්‍ය වෛද්‍ය පහසුකම්, හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීමට දිවයිනේ වෛද්‍ය සායන ක්‍රියාත්මක වේ. එතැනින්ද නොනැවතී තම අනන්‍යතාවට ගැළපෙන පරිදි හැඳුනුම්පත් හා උප්පැන්න සහතික වෙනස් කර ගැනීමේ අවස්ථාද රජය විසින් ලබා දී තිබේ. මීට දෙවසරකට පෙර ලංකා නිව්ස් වෙබ් හි අප මේ පිළිබඳ තොරතුරු වාර්තා කළෙමු. මෙම ප්‍රජාවගේ අරගලය පවතින්නේ හිංසනයන්, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් වලින් තොරව සමාන අයිතිවාසිකම් භුක්ති විඳිමින් ඔබ අප මෙන් ගෞරවණීය පුරවැසියන් ලෙස සමාජයේ ජීවත් වීමටයි.

මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව තහවුරු කිරීමට තවමත් අප සතුව තොරතුරු නොමැත. එහෙත් දිවයිනේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් කිහිපයක් විසින් මෙම පුවත පළ කර ඇති අන්දමට ඔවුන් පවසන අන්දමේ විශ්මයජනක හෝ අස්වාභාවික සිදුවීමක් නම් මාතර ප්‍රදේශයේ සිදු නොවූ බව අප පැවසිය යුතුය. ලංකා නිව්ස් වෙබ් පාඨක ජාලය තුළ සංක්‍රාන්ති සමාජභාවී සහෝදර සහෝදරියන් ඕනෑ තරම් සිටින බව අප සිහිපත් කිරීමට කැමැත්තෙමු. මාධ්‍යකරණය හසුරුවන පුද්ගලයින් ගෙන් කිරීමට ඇති ඉල්ලීම වන්නේ යමෙකුගේ පෞද්ගලිකත්වයට අදාල කරුණු පිළිබඳ වාර්තා කිරීමේදී මීට වඩා සංවේදී විය යුතු බවත්, තොරතුරු හරි හැටි දැන මාධ්‍ය සදාචාරය ආරක්ෂා කර ගනිමින් පුවත් වාර්තා කළ යුතු බවත් ය. 

සංස්කාරක (LGBTIQ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan