ආටිගල යළි ගේමට

Date:

ශාන්ත කිට්ස් දූපත් හී පැවති 2017 වසර සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගය ශ්‍රී ලංකාවේ පැවත්වීම සඳහා වන ලංසු ඉදිරිපත් කිරීමේ වැඩ සටහන පිටුපස සැළසුම්කරණයේ විශාල භූමිකාවක් කළ නලීන් ආටිගල යළිත් ක්‍රීඩා සම්බන්ධීකරණ වැඩ සටහන් සඳහා සහභාගී කරවා ගනිමින් ඇත.එම සැළසුම විශාල මුදල් නාස්තියක් පමණක් වූ අතර ලංසුව පරාජය වූවා පමණක් නොව තවම හම්බන්තොට කිසිඳු ක්‍රීඩාංගණයක් සකස් වී ද නැත.මෙවර ඔහු ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ ජනාධිපති ක්‍රීඩා සම්මාන 2019 ඇගයීම් කමිටුවේ සභාපතිවරයා ලෙසය.

මහ බැංකු අධිපතිවරයා ලෙස එවකට ද සිටි අජිත් නිවාඩ් කබ්රාල් ට එම ලංසු කමිටුවේ සභාපතීත්වය හිමිව තිබූ අතර තරුණ මන්ත්‍රීවරයෙක් වූ නාමල් රාජපක්ෂ එහි විශාල කාර්යභාරයක් සිඳු කළේය.එම ලංසුව සඳහා තරග වැදීමට නලීන් ආටිගල වැනි අය කරන ලද සැළසුම් මත තවමත් නිවැරදිව ගිණුම් ඉදිරිපත් කිරීමට අපහසු විශාල වියදමක් සමඟින් නැටුම්,ගැයුම් ඇතුළත් විශාල කණ්ඩායමක් ද ශාන්ත කීට්ස් දූපත් කරා රැගෙන ගිය අතර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් නගරය වෙනුවෙන් ලංසුව ඉදිරිපත් කරන්නට රැගෙන විත් තිබුණේ කුඩා දැරියකි.අවසානයේ ඡන්ද සඳහා ජාත්‍යන්තර සම්බන්ධිකරණයේ වගකීම් පැවරි නලීන් ආටිගල ඇතුළු කණ්ඩායමේ මෙහෙයවීම මත විශාල වියදමක් දරා ශ්‍රී ලංකාව ලංසු තැබීමේදී ඡන්ද 27 ක් ලැබූ අතර ගෝල්ඩ් කොස්ට් වෙනුවෙන් දැරිය ඉදිරිපත් කළ ලංසුවට ඡන්ද 43 ක් ලැබිණ.

ගෝල්ඩ්කොස්ට්වලට එරෙහිව ශ්‍රී ලංකාව වැනි පහළ ආර්ථික මට්ටම රටක් ලංසුව දිනා ගැනීම සඳහා පමණක් දැරූ වියදම විශාල විවේචනයකට තුඩු දුන් අතර එයින් සිඳු වූ අපකීර්තියට වඩා ගෞරවයක් එම ක්‍රීඩා උළෙල වෙනුවෙන් රැජිණගේ යෂ්ටිය රැගෙන යාමේ වරම දිනා ගත් යෙවින් සමරරත්න සමත් විය.එවකට 14 වන වියේ සිටි ගොල්ෆ් ක්‍රීඩකයෙක් වූ යෙවින් ට බැටනය රැගෙන යාමට සළකා බැලූ නම් අතර ඉහළම සුදුසුකම් තිබුණු බැවින් බ්‍රිස්බේන් නගරයෙන් ඒ අවස්ථාව ඔහුට හිමි විය.

RM

බ්‍රිස්බේන් නුවරින් යෂ්ඨිය රැගෙන යාමට තේරුනු යොවුන් ගොල්ෆ් ක්‍රීඩක යෙවින් සමරරත්න යෂ්ඨිය රැගෙන ධාවනයේ යෙදෙමින්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...